36... තිස් හයවෙනි හීනය......🪷

1.5K 386 350
                                    

⌛️⌛️ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⌛️⌛️...........

⌛️⌛️ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⌛️⌛️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

.
.
.
.

📩  වැඩට ගන්න  සුදු අයියේ.......හැබැයි  මොන මගුලේ වැඩකට හරි කමක් නෑ ශෙක්ෂන් A වලට දාන්න එච්චරයි ......

මේ එදින රාත්‍රියයි..... රාත්‍රී ආහාර ගන්නා ගමන් අනෙක් තිදෙනා සමග කතාවක් දමාගෙන සිටි මෙනිත් කාපු බීපුවා අස්පස් කර දමා කාමරයට එන විට රාත්‍රී දහය පසුවෙමින් තිබුණි... කෙටි පණිවිඩයකට අමතරව විනාඩි  පහළොවක වීඩියෝවක් ශාන්ගේ  අංකයෙන් ඇවිත් තිබෙනු ඔහු දුටුවේ කාමරයට පැමිණ දුරකථනය අතට ගත් පසුවයි....

සියල්ලට පෙර ඔහු වීඩියෝව ඔන් කලේය ..... එහි තිබුණේ සවස මිනාමි සහ හෙලේනා  ශාන්ගේ කාර්යාලයට ඇවිත් ඔහු සමගින් සිදුවූ කතාබහයි.... ඉයර් ෆෝන්  එකත් කනේ ගසාගෙන සම්පූර්ණ වීඩියෝව ඔහු නැරඹුවේය ....

කුවාන් ගගා තමයි වීඩියෝ කරන්න ඇත්තෙ..... එයාගේ ටේබල් එක පැත්තෙන් තමා කැම් එක ෆෝකස් වෙලා තිබුණේ.... මට මෙහෙම දේවල් ඕන නෑ..... ඇත්තටම මට තරහ තියෙන්නේ ඔයත් එක්ක නෙවෙයි සුදු අයියේ.....මේ හැම ප්‍රශ්නයක්ම ඇතිකරපු මගේ තාත්තා කියන එකා එක්ක.... අපිට නිදහසේ අත් අල්ලගෙන  වචනයක් කතා කරන්නවත් විදිහක් නැත්තේ ඒ මිනිහා හින්දා...... නූරා අම්මා අද මේ ලෝකේ නැත්තේ ඒ මිනිහා හින්දා........ ඔයාලා අවුරුදු ගානක් ප්‍රශ්න එක්ක ඔට්ටුවෙන්නෙ ඒ මිනිහා හින්දා .......

වීඩියෝ එක අවසානයේ මෙනිත් එලෙසින් තනිව කල්පනා කර අර ලෙසින් කෙටි පණිවිඩයක් තැබුවේය...විනාඩි දහයක් පහළොවක් පමණ යනතුරු කෙටි පණිවිඩය සීන් උනේ නැති නිසා මෙනිත් ඇඳ අස්පස් කර දමා නිවසට දුරකථන ඇමතුමක් අරගත්තේය....

⏳⏳ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⏳⏳ Zhanyi fan fiction  Complete ✅Where stories live. Discover now