67... හැට හත්වෙනි හීනය.... 🪷

1K 291 141
                                    

⌛️⌛️ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⌛️⌛️..........

.
.
.
.
.
.

ඔබ ඇපල් මලක් වාගේ ලස්සන වසන්ත කාලේ
මට  හදිස්සියෙන් වාගේ හමු වූ......
පායන්න දෑස මානේ උණුහුමට ගින්දරී.......
ගෙනියන්න මාගේ ගානේ ඔය හිතම සුන්දරී.....
දිගු දෑසේ බැල්ම ඔබගේ ඇයි සොඳුරු ඔය හැටි......

" සුදු අයියේ ....... නිදියන්න දෙන්නකො........ඔයා සිංහල සින්දු කියනකොට හරි කැතයි අප්පා......."

ඉටි රූපෙ අපූරුව විඳින්න මං හරි ආසයි......
පින්තූරෙ වගේ ඔබ හිනහෙනකොට මට ලෝබයි....

" අනේ සුදු මගේ අත කැඩිලනේ තියෙන්නේ...මං අද ඔයත් එක්ක වැඩට යන්න එන්නේ නෑ.......නිදියන්න දීපියකෝ සුදු අයියා......."

" ඉතින් මම යන්න කලින් ඇස් දෙක චුට්ටක් ඇරලා ඇපල් මලක් වගේ හිනාවෙන්නකෝ බබා......."

මෙනිත්ගේ  මුහුණ පුරාවට සියුම්ව අතැඟිලි රැගෙන යමින් ශාන්  කතාකරද්දී ඉතින් ඔහු අපහසුවෙන් නමුත් දෙනෙත් විවර කළේය...... අතේ වේදනාවට ලබාගන්නා බෙහෙත් නිසාවෙන් ඇත්තෙන්ම ඔහුට සුව නින්දක් අවශ්‍ය වී තිබුණත් , ෂාන් ඒ බව හොඳින්ම දැනගෙන සිටියත් නොයා ඉන්නට බැරි රාජකාරි කිහිපයක්ම තිබෙන නිසා වැඩට යන්නට සූදානම් වී සිටින ඔහුට යන්නට පෙර මෙනිත් ගේ සිනහව මදක් දැකගන්නට  අවැසිවී ඇත........

",good morning  මගෙ ඇපල් මල......"

ශාන්  මෙනිත්ගේ නලලට හදුවක් තැබුවේය .....

" good morning බෝලේ.......ඔයා ලෑස්තිත් වෙලා........කෝපි එකක්වත් බිව්වෙ නෑ නේද......"

සෙමින් ඇඳ මතින් වාඩි වෙමින් මෙනිත් අසද්දී  ශාන්  ඔහු අසලින් වාඩිවුනේය......

" මම කෝපි බිව්වා බබා........මමා තව ටිකකින් එනවා කිව්වා සර්වන්ට් කෙනෙක් එක්ක......ඔයාට ඕන කරන හැම දෙයක්ම ලෑස්ති කරලා දීලා එයා යයි......මම එක වෙනකොට එනව......"

මෙනිත් ගේ හිස ආදරණීය ලෙස පිරිමදිමින් ශාන් කියද්දී ඔහු ශාන්ගේ උරහිස මතින් මුහුණ තියාගත්තේය........

" තව ටිකකින් මමා  බ්‍රෙක් ෆස්ට් අරගෙනම එයි.......බ්‍රෙක්ෆස්‍ට් අර ගත්ත ගමන්ම බෙහෙත් ටික බොන්න ටුලී...... "

⏳⏳ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⏳⏳ Zhanyi fan fiction  Complete ✅Where stories live. Discover now