45... හතලිස් පස්වෙනි හීනය...🪷

1.6K 338 329
                                    

⌛️⌛️ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⌛️⌛️....

.
.
.
.
.

" woow

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" woow ... සුදු අයියේ ........ මේක පට්ට ලස්සනයි නේ......"..

" හ්ම්ම්ම්.... මේ nha trang කියන මේ සිටි එකේ තියෙන ලක්ෂරිම හොටෙල් එක බබා......"

ශාන් මෙනිත්ගේ අත අල්ලාගෙන කීවේය ...

" ඔයාටත් ඉතින් ආය තියෙන්නේ එසේ මෙසේ ලක්ෂරි පිස්සුවක් නෙවෙයි අයියේ....... සාමාන්‍ය හොටෙල් රූම් එකක හිටියත්, මේකක හිටියත් මොක්......"

",මම මගේ හස්බන්ඩ් එක්ක ලක්ෂරි හොටෙල් එකක දවස් දෙකක් ඉන්නවා....... ඉතින් මොකක්ද ප්‍රශ්නේ?........ හ්ම්ම්ම්....... ඊලඟට මගේ හස්බන්ට ආසාවක් තියෙනවා නම් සාමාන්‍ය හොටෙල් එකකත් ඉන්නවා....... "

මෙනිත් කියාගෙන යන්නට ගියාට ඊට හරස් කැපූ ශාන් ඔහුට සුපුරුදු බැරෑරුම් කටහඬින් එලෙසින් අහද්දී මෙනිත් නිහඩවී ශාන්ගේ අත්ල මතින් හාදුවක් තැබුවේය ... කොයි තරම් ආදරණීය මිනිසෙක් උනත් , ඔහු සමගින් කොයිතරම් තර්ක විතර්ක සිදු කළත් විහිළු තහළු කළත් , ඔහුගේ මේ වොයිස් එකට මෙනිත් මොහොතකින් මෙල්ල වී යන්නේය...එය ඉතින් හිතා මතා සිදුවෙන්නක් නොවේ...

" ලක්ෂරි නෙවෙයි මම හොටෙල් රූම් එකක ඉස්සරලාම නතර උනේ එදා සිංගප්පූරු ගියපු වෙලේ සුදු අයියේ .... අපි ඉන්න ටවුන් එකෙන් වැඩකට වෙන ටවුන් එකකට ගියත් ඒ ළඟපාත ඉන්න නෑදෑ ගෙදරක නතර වෙලා පහුවෙනිදාට ගියපු වැඩේ කරගෙන ආපහු එන්න පුරුදු වෙලා හිටපු අපිට මේ වගේ දේවල් ඉතින් බර වැඩීනේ.........ඔයාට කේන්ති ගියාද සුදු අයියා......"

ශාන්ගේ බැරෑරුම් කටහඬ මෙනිත්ගේ හිතට පසුතැවීමක් ඇති කළේය....... සමහර විට තමන්ව සතුටු කරන්නට හිතාගෙන ඔහු මේ දේවල් සිදු කළ නිසාවෙන් තමන් ඒවා අගය නොකිරීම පිළිබඳව ශාන්ගේ හිතට කණගාටුවක් ඇතිවුණාදැයි කියා මෙනිත්ට සිතුනි....

⏳⏳ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⏳⏳ Zhanyi fan fiction  Complete ✅Where stories live. Discover now