34... තිස් හතරවෙනි හීනය....🪷

1.5K 393 371
                                    

⌛️⌛️  𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞  ⌛️⌛️...

⌛️⌛️  𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞  ⌛️⌛️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

RDNSP18 ඉතින් ආදරණීය රීඩර් බබෙක්..... ලස්සනම ලස්සන කවර් පික් එකක් හදලා එව්වා.......ගොඩක් ආදරෙයි ඉතින් ......❤💚💛

.
.
.
.

ශාන්  එක් අතකින් මෙනිත් අල්ලාගෙන අනෙක් අතින් දුරකථනය අතට රැගෙන ඇමතුමක් ගත්තේය ....

"  ගගා..... මොනම හරි ජිල්මාට් එකක් දාලා ටුලී අද උදේ වැඩට ආවා වගේම හවස දෙකට ඕෆ්වෙලා ගියා කියලා සිස්ටම් එකට ඇඩ් කරපං......."

කුවාන් මොනවාදෝ  කිව්වත් ඒවාට පිළිතුරු දෙන්නට තරම් මානසිකත්වයක තමන් නොසිටින නිසා ඇමතුම අවසන් කල ශාන්  තවත් කාටදෝ කෙටි පණිවිඩ කිහිපයක් තැබුවේය...

" ලොකු බේබි ඉස්සරහා ............

**

............. වාහනයක් පාර හරස් කරලා........."

රොවෙන්  වාහනයේ වේගය අඩුකර ඈතින් පාර හරස්කර ඇති වාහනය පෙන්වමින් කියද්දී ශාන්ගේ ඉහමොල රත්වුනේය....... මේ පටු පාරකි එක් පසක ඇත්තේ පාලු ඉඩමක් මෙන්ම අනෙක් පස ඇත්තේ අක්කර ගණනාවක් විශාල වගාවකි... උන් මඟ හරස් කර ඇත්තේ හුදෙකලා ස්ථානයකයි..

" ලොකු බේබි.......අපිව කොටුවෙලා......"

වාහනයට පිටුපසින්ද  මෝටර් බයික් දෙකක් ඈතින් එන බව දුටු පාගු කියද්දී ශාන්  හැදගෙන සිටි කෝට් එක ගලවා මෙනිත්ගේ දෙපා මතින් තබා කමිසයේ අත්දෙක වැළමිට දක්වා නවා ගත්තේය  ....

" බයික්  දෙකේ හතරයි..... වාහනේ කීයක්ද පාගු......."

ශාන්  ගැඹුරු හඩින් අසද්දී   මෙනිත්ගේ නම් ඇස්වලට කදුලුත් පිරී අවසන් ය...බයටත් වඩා ඔහුගේ හිතට දැනෙන්නේ පසුතැවීමකි....

⏳⏳ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⏳⏳ Zhanyi fan fiction  Complete ✅Where stories live. Discover now