64..... හැට හතරවෙනි හීනය..... 🪷

1.3K 321 226
                                    

⌛️⌛️ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⌛️⌛️.........

 ඉතින් ඊයෙ අපේ බෝබෝ ලයිව් එකට ඇවිත් බෝම්බයක් අත ඇරලා ගියා නේද ළමයිනේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඉතින් ඊයෙ අපේ බෝබෝ ලයිව් එකට ඇවිත් බෝම්බයක් අත ඇරලා ගියා නේද ළමයිනේ.......සාමාන්‍යයෙන් යීබෝ කියන්නෙ කෙලින් කතාකරන කියන්න ඕනෙ කෙලින්ම කියන කොල්ලෙක්...... ඉතින් අන්තිම විනාඩිය ඩිලීට් කලාට අපි දැකලා ඉවරයිනේ.........

අනික මම ආසම බෝබෝ මෙහෙම  මේකප් නැතිව ඉන්නකොට.....අමුතුම ලස්සනක් එතකොට.....

Yizhan forever 💚❤💛 .......


.
.
.
.
.

" ඒ මෙනී.........අන්න අඩුපාඩුවත් සම්ප්‍රාප්ත වෙනවා......"

මෙනිත් නෆ්‍රාස් සමඟින් කතාකරමින් සිටියදී රූහී කලබලයෙන් ඇවිත් කියද්දී  අඩුපාඩුව කවුරුන්දැයි දැකබලා ගැනීමට මෙනිත් පමණක් නොව නෆ්‍රාස් ද හිස හරවා බැලුවේය ......

ටැක්සියකින් බැස එන පුද්ගලයාව දුටු මෙනිත් සහ නෆ්‍රාස් මුහුණට මුහුණ බලාගත්තේය ..............

**

" රාජන්.........."

මුහුණට මුහුණ බලාගෙන දෙදෙනාම එලෙසින් එක වර කියද්දී  කොහේදෝ සිටි ආයතන ප්‍රධානියාත් කඩාගෙන බිඳගෙන මෙනිත් අසලට ආවේය ....... ඒ මුහුණේ නම් ඉරිසියාව අපූරුවට පිරී තිබුනි.....

" මැකෑනික් ටීම් එකම මෙතන නිසා මං කිව්වෙ මෙතනට එන්න කියලා ......."

ඔවුන් දෙසට ඇවිදගෙන එන රාජන් දෙස බලාගෙන සිටින පිරිස අතරට පැමිණි දුමාල් එලෙසින් කියද්දී ශාන්  එය හොඳයි වැනි බැල්මක් දුමාල් වෙතට තිලිණ කලේය .......

" සර්........"

මෙනිත් අසලම හිටගෙන සිටින ශාන්  දෙසත් එකම ලෙසින් ෆුල් සූට් එක ඇදගෙන සිටින දෙදෙනා දෙසත් හිතා ගන්නට බැරි බැල්මක් හෙලාගෙනම  එතනට පැමිණි රාජන්  මෙනිත්ටත් ආදරණීය සිනහවක් තිළිණ කරමින් ශාන් හට ආචාර කලේය ...........රාජන් මෙනිත්ව දකින්නේ මාස හයකට පමණ පසුවයි...

⏳⏳ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⏳⏳ Zhanyi fan fiction  Complete ✅Where stories live. Discover now