07... හත්වෙනි හීනය....🪷

1.5K 371 223
                                    

⌛️⌛️ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⌛️⌛️.........

⌛️⌛️ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⌛️⌛️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒක හරිම ලස්සනයි නේද....... ❤💚💛

.
.
.
.

සිකුරාදා දිනයත් සාමකාමීව ගතවී ගොස් සෙනසුරාදා දිනයත් සෙමින් සෙමින් ගතව යන්නට පටන් ගත්තේය.... අද ඉතින් දහවල් දෙකට වැඩ මුරය අවසන් වන්නේය...දැන් වේලාව උදෑසන 10 ට ආසන්න වී තිබෙන අතර මෙනිත් නෆ්‍රාස් සහ බින් අවතැන් රැගෙන ආ මැෂින් කිහිපයක් අවසන් පරීක්ෂාවට ලක් කරමින් සිටියේය.....

" මෙනිතා මිනි ටෙස්ටරේ දීපං....."

මැෂින් එක යට දිගා වී සිටින නෆ්‍රාස් කෑගසද්දී මෙනිත් ඔහුට අවැසි ආයුධය ලබාදුන්නේය...මේ ගෙවෙන්නේ මෙනිත් සේවයට පැමිණි පස්වෙනි දිනයයි... ට නම් ඉතින් ඔහු ටිකෙන් ටික වැඩ අල්ලාගෙන සිටින අතර ආයතනය තුළ සිටින පුද්ගලයින් පවා හඳුනා ගනිමින් සිටින්නේය.....

" මේ  මැෂින්ස් ටික චෙක් කරන්න තමුසෙලට මාසයක් විතර යයි වගේ...."

එක්වරම ඔවුන් අසලින් ඇසුනු තරමක් ගැඹුරු කටහඬකට මෙනිත්, බින් පමණක් නොව මැෂින් එක යට සිටි නෆ්‍රාස් ද පිටතට ඇවිත් බැලුවේය..... වයස අවුරුදු පනස් පහක පමණ තරමක් උස මහත මුහුණෙහි සිනා පොදක් නැති ටයිකෝට් කාරයෙක්  ඔවුන් අසලට ඇවිද ආවේය ....

" මිස්ටර් හේසන්  අපි මේකට අත ගැහුවෙත් පෙරේදා......."

බින් එතරම් උස් හඩින් නොවූවත් තරමක් කෝපය පිරුණු කටහඩකින් කියද්දී මිස්ටර් හේසන් නැමැත්තා ඔහු වෙතට දවා හලුකරවන බැල්මක් හෙලුවේය ...

"  මැෂින් පහලවක් චෙක් කරන්න මාසයක් ඕන කියලද කියන්නේ....."

⏳⏳ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⏳⏳ Zhanyi fan fiction  Complete ✅Where stories live. Discover now