26... විසි හයවෙනි හීනය...🪷

1.7K 409 614
                                    

⌛️⌛️ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⌛️⌛️........

⌛️⌛️ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⌛️⌛️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

උස චීන මහත්තයා........ ❤💚💛

.
.
.
.

" ඇතුලට එන්න......"

මිස්ටර් කුවාන් දොර විවෘත කර පවසද්දීම එලිවේටරය විවෘත වූ අතර ඉන් මිස්ටර් හේසන් සහ ආරක්ෂක නිලධාරියෙක් පිටතට ආවේය .... ඉතින් සියලුම දෙනා ඉක්මනින් ආයතන ප්‍රධානියාගේ කාර්‍යාලය තුලට ඇතුල්වුනේය ....

මිස්ටර් සොන් වෙනදාට මිස්ටර් ශාන්  අසුන් ගෙන සිටින ප්‍රධාන අසුනේ වාඩිවී සිටි අතර ඒ අසලම අසුනක් තබාගෙන මිස්ටර් ශාන් සහ මිස්ටර් කුවාන් වාඩිවී සිටින්නේය...

" අරූගේ ඇටකටු පොඩි කරලා පිටිපස්සට වෙලා ඉඳලා හරියන්නේ නැහැනේ පලයන් ඉස්සරහට...."

සියලු දෙනාටම පිටුපසින් හිටගත් මෙනිත්ව ඉස්සරහට තල්ලුකරමින් දුමාල් කීවේය ..ඉතින් ඔහුටත් රවාගෙනම මෙනිත් ගොස් ඉදිරියෙන්ම හිටගෙන අත් දෙක පපුවට බැඳ ගත්තේය....මෙනිත් එලෙසින් ඉදිරියටම යද්දී මෙතරම් වේලාවක් අන්දමන්දව සිටි ටැම් බට්ටාත් නැම්කුයි ව අතහැර ගොස් මෙනිත් අසලින් හිටගත්තේ එහි වගකීම ඔහුත් දරන්නට සූදානම් වන බව අඟවන්නට මෙනි.....

දැන් මේ සියල්ල දෙස ඔවුන්ට ඉදිරියෙන් අසුන්ගෙන සිටින තුන් කට්ටුව අත් පපුවට බැඳගෙන බලාගෙන සිටින්නේය.... මිස්ටර් සොන් ගේ ඇස් නතරවූයේ මෙනිත්ගේ අතේ පිට අල්ලේ ඇති තුවාල මතයි.... ඉතින් නේපාල් ජාතික ලයින් ලීඩර්ගේ දත් දෙකක් කැඩීම අරුමයක් නොවන බව ඔහු තේරුම් ගත්තේය.... මොනවා උනත් තමන්ගේ බෑනා පොඩ්ඩ ගැන ආඩම්බරයක්ද ඔහුට නොදැනුනා නොවේ......

",හ්ම්ම්...... ඉතින් දැන් මට කියමු බලන්න සිද්ධ වෙච්ච දේ පැහැදිලිව මිස්ටර් මෙනිත්....."

⏳⏳ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⏳⏳ Zhanyi fan fiction  Complete ✅Where stories live. Discover now