12... දොළොස් වෙනි හීනය......🪷

1.4K 393 301
                                    

⌛️⌛️ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⌛️⌛️..........................

බෝනස් ........🪷🪷🪷

🪷🪷🪷

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


.
.
.

මනෝජ්ට සහ නෆ්‍රාස් ට  බරපතළ හානි සිදුවී ඇත.... ඒ ඉතින් ඔවුන් රන්ඩුවේ පෙරමුණ ලබාගත් නිසාවෙනි.....

විනාඩි පහකටත් වඩා වැඩි කාලයක් පිරිස දෙස එසේත් නැතිනම් පිරිස දෙස බලන ආකාරයෙන් එක් මුහුණක් දෙස බලාගෙන සිටි ආයතන ප්‍රධානියා බර හුස්මක් පිට කරමින් පසුවෙන් නැගී සිටියේය.....

**

" ග්ලාස්  කම්පැනියේ ඉන්දියන් හතර දෙනෙක් එයාලාගේ ceo ට කම්ප්ලේන් කරලා  සේව්කෝ එකේ ලංකාවෙ කට්ටියක් ගැහුව නිසා වැඩට එන්න බෑ අමාරුයි කියලා ....."

කේන්තිය පිරුනු හඩින් එලෙසින් කියමින් මිස්ටර් ශාන් අත්දෙකත් කලිසම් සාක්කු වලට දාගෙන පිරිස අතරට ආවේය .. ලොක්කා කතා කරන්නට අවසර දෙන තුරු වචනයක්වත් කතාකර ගන්නට නොහැකි නිසා සියල්ලෝම නිහඬව සිටින අතර ඔවුන්ට මදක් එහායින් අසුනක වාඩි වී සිටින මිස්ටර් කුවාන් නම් හරි අපූරුවට මේ දර්ශනය නරඹන බව පෙනී යන්නේය....

මීට සුළු මොහොතකට පෙර ශාන්  ග්ලාස් කම්පැනියට ගොස් ආයතන ප්‍රධානියා සමගින් කතාබහ කර රෝහලට ගොස් රෝහල්ගත වී සිටින අයගේ සුව දුක් විමසා ඔවුන්ගේ රෝහල් බිල් පවා ගෙවා දමා එන මග දිගට වාහනයේ මෙනිත් ඇතුලු රණ්ඩුවට සම්බන්ධ වුණු අයගේ පලු යැවූ ආකාරය ඔහු සිහිකරන්නේය....

" මූණ තුවාල කරගෙනලු......මට එන කේන්තිය.....මේකා පොඩ්ඩක් එහෙම නෙවෙයි ඇට්ටර......අද බනිනවා මම..."

⏳⏳ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⏳⏳ Zhanyi fan fiction  Complete ✅Where stories live. Discover now