29.. විසි නවවෙනි හීනය.....🪷

1.7K 388 552
                                    

⌛️⌛️ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⌛️⌛️........

⌛️⌛️ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⌛️⌛️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මෙනිත් මහිංෂ ........❤💚💛

.
.
.
.

ආදරයෙන් අන්ධ වෙලා හියුන් එක්ක ගියේ හීන මාළිගා ගොඩාක් තියාගෙන...... මාස හය හතක් යනකල් මම ඒ හීන ලෝකෙ ලස්සනට ජීවත් වුණා....පුතේ..........

ඔයාගෙ අම්මා රැවටුනා....... ගෑනියෙක් රැවටෙන්න ඕනෙ අනන්තම රැවටීමට අසුවුණා..... ඒත් කවදාවත් ඔයාව මාෆියා එකක අනාගත උරුමක්කාරය කරන්න මම ලෑස්ති නැහැ.....මගේ කුසේ පන ගහන ඔයාගේ ජීවිතය  ගැන තීරණය ගන්න පුළුවන් මට විතරයි.. මාව රවට්ටපු හියුන්ටවත් ඒකට අයිතියක් නෑ......

ඔයාගේ අම්මා වැරදිත් ඇති......සමහරවිට කවද හරි දවසක අච්චර ලොකු සංවිධානයක හිමිකාරයෙක් වෙන්න මට ඔයා ඉඩ දුන්නේ නෑ කියන චෝදනාව ඔයා මට එල්ල කරන්නත් පුළුවන්......ඒත් පුතේ සර්ව සාධාරණව හොයන යුආන් එකක් වටිනවා ජාවාරම් වලින් හම්බ කරන කෝටි ගානට වඩා.....ඉතින් ඒ සංකල්පනාවේ ඉන්න මගේ තාත්තා ළඟට අයියා ළඟට කොහොමහරි යන්න මම තීරණය කළා.....

දවස් දෙකක් අපායක ඉන්නවා වගේ මේ හැමදේම දැන දැනත් නොදැන වගේ රඟපාන්න මට සිද්ධ වුණා.......ඒත් මගේ වාසනාවට දවස් දෙකකින් මට ආපහු හොස්පිටල් එකට යන්න වුණා..... උණට බෙහෙත් ගන්න හොස්පිටල් එකට ඇවිල්ලා අයියට හොරෙන් පැනලා ආපු මම ආපහු හොස්පිටල් එකකින්ම පැනලා ගමන අවදානම් කියලා දැන දැනම හැංගුනා.....

මම ඒ ගෙවපු දුෂ්කර දවස් දෙක තුන ගැන ලියන්නේ නෑ.....කොහොමහරි අන්තිමට මම අයියට පණිවිඩයක් යවා ගත්තා.....

ඉතින් ඒ පණිවිඩයේ ප්‍රතිඵලයක් විදිහට මාෆියා එකකින් හැංගෙන්න පොළොව යට තියෙන සුවපහසු කාමරයක මට ජීවත් වෙන්න සිද්ධ වුණා....දැන් මම ඉන්නේ ඒ කාමරය ඇතුලේ....

⏳⏳ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⏳⏳ Zhanyi fan fiction  Complete ✅Where stories live. Discover now