31...තිස් එක්වෙනි හීනය ....🪷

1.7K 373 554
                                    

⌛️⌛️ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⌛️⌛️..............

⌛️⌛️ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⌛️⌛️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මෙනිත් අයියා.........❤💚💛

.
.
.
.
.

" ඉතින් හුඟ කාලෙකින් හැමෝම ඩිනර් එකට වාඩිවෙලා......"

ෆෙයෙමින්ග් සේවිකාවක් පසුපසට ඇද දුන් කෑම මේස පුටුවකින් අසුන් ගන්නා අතර එලෙසින් කියද්දී ඔහුට එයා පැත්තෙන් ඔහුගේ බිරිඳ හෙළේනාත් ඊලඟට මිනාමිත් ඊලඟට ඔවුන්ගේ බාල පුතුන් වන ජිලින්ග් අසුන්ගත්තේය .....

කෑම මේසයේ මුලසුන හොබවන්නට ඒ වන විටත් ප්‍රධාන අසුනෙහි  ෂියාඕ කිරෙන් අසුන්ගෙන සිටි අතර අනික් පස අසුන්වල පිළිවෙලට ෂියාඕ සොන් , ශෙරීන් සහ ශාන් අසුන්ගෙන සිටියේය ....

මේ ෂියාඕ මැදුරේ ප්‍රධාන කෑම කාමරයයි..... දැන් ඔවුන් මේ අසුන් ගැන සිටින කෑම මේසයේ තිස් දෙනෙකුට වුවත් අසුන් ගැනීමේ හැකියාවක් ඇත.....මීට අමතරව තව කුඩා කෑම කාමර දෙකක් මෙහි තිබුණත් හෙලේනාගේ අනුදැනුම මත සේවක සේවිකාවන් අද මෙම කාමරයේම රාත්‍රී ආහාර වේල සූදානම් කළේය....

" පපා.......ඉතින් මම මාස ගානකට පස්සෙත් මේ ගෙදරට ඇවිල්ලා ඔයා තවම මාත් එක්ක වචනයක්වත් කතා කරේ නෑනෙ....."

තමන්ට මදක් නුදුරින් වාඩි වී සිටින කිරෙන් දෙස බලාගෙන ෆෙයෙමින්ග් එලෙසින් කියද්දී ෂියාඕ කිරෙන් ඔහුගේ උගුරෙහි රැල්බුරුල් හැරියේය..

" ඉතින් කොහොමද......මම දැන්නේ මගේ රූම් එකෙන් එළියට ආවේ..... මගෙත් එක්ක මීට කලින් කතා කරන්න උවමනාවක් තිබුනනම් ෆෙයෙමින්ග් ට තිබුනා මගේ රූම් එකට ඇවිල්ල මාත් එක්ක කතා කරන්න......."

කිරෙන් ගේ වචන කිහිපයට ෆෙයෙමින්ග් ගේ ආඩම්බරකාර පෙනුම මදක් අඩුවී ගියේය .... මිනාමි හෙලේනාට අනෙක් පසින් වාඩි වී නිතරම ශාන්ගේ බැල්මක් ඇයට ලබා ගැනීමේ අසාර්ථක උත්සාහයක නිරත වී සිටින අතර ශාන් නම් කිරෙන් දෙස බලාගෙන සිටිනවා ඇරෙන්නට ඇය දෙස බලන්නේවත් නැත....

⏳⏳ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⏳⏳ Zhanyi fan fiction  Complete ✅Where stories live. Discover now