51... පනස් එක්වෙනි හීනය ...🪷

1.1K 347 293
                                    

⌛️⌛️ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⌛️⌛️

 බෝබෝ බෙයිජින් වලින් පැරිස් යන්න පිටත්වුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

බෝබෝ බෙයිජින් වලින් පැරිස් යන්න පිටත්වුනා ....හැමදාමත් වගේ ඉතින් එයාපෝට් ජවුසම නං ඉවරවුනේ නෑ .......


.
.
.
.

" මිස්ටර් මෙනිත් මහිංෂ......කරුණාකරලා වාහනයෙන් බහින්න......ඔයාව වාහනෙන් එළියට ගන්න ක්‍රම අපි දන්නේ නැතුව නෙවෙයි....මේ අවසාන වතාවට කියන්නේ........"

ප්‍රධාන දොරටුව අසල සිට එතැනට පැමිණි උස මහත මිනිසෙක් එලෙසින් කියද්දී මෙනිත් ඔහු දෙසටත් දවාහලු කරවන බැල්මක් හෙලමින් වාහනයෙන් බැස්සේය......දැන් ඔහු අතේ ඔහුගේ දුරකථනයත් නැත, ගුවන් ගමන් බලපත්‍රයත් නැත......

" යමු........."

" මාව අල්ලන්න එපා ......"

උස මහත මිනිසා මෙනිත්ව අල්ලන්නට හදද්දි ඔහු තදින්ම එයට විරුද්ධ විය.....ඉතින් දැන් දෙදෙනෙක් දෙපැත්තෙන් හිටගෙන හිටියත් කිසිවෙක් ඔහුව අල්ලාගෙන නැත....... පඩිපෙල් හත අටක් නැගීමෙන් පසුව පැරණි බංගලාවේ ප්‍රධාන දොරටුව විවෘත වූ අතර මෙනිත් අනෙක් දෙදෙනා සමග ඊට ඇතුළු වුණේය...............

**

පිටතින් තරමක් පැරණි බවක් දිස්වුණාට නිවස තුළ සියල්ල නවීන පන්නයෙන් නිමවා තිබුනි.... මෙනිත් කුතුහලයෙන් යුතුව නා නා විධ ගෘහ භාණ්ඩවලින් පිරී තිබෙන විශාල ආලින්දය පුරාවට දෙනෙත් රැගෙන යද්දී ඔහුගේ දෙනෙත් නතර වුණේ රෝද පුටුවක් මත වාඩි වී ජනේලයක් අසලින් ඈත බලාගෙන සිටින පුද්ගලයෙකු අසලයි.......

⏳⏳ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⏳⏳ Zhanyi fan fiction  Complete ✅Where stories live. Discover now