55..... පනස් පස්වෙනි හීනය......🪷

1.1K 346 256
                                    

⌛️⌛️ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⌛️⌛️.........

.
.
.
.
.
.

.
.
.

කාලය ගතවන්නේ හීයක වේගයෙන් යැයි කීවොත් නිවැරදිය.......... ඒ පැත්ත බලා මේ පැත්ත බලද්දි තවත් මාසයකට ආසන්න කාලයක් ගත වුණේ යීබෝට නම් අසීරුම දින ගණනාවක් පසු කරමිනි..... හෝරාවක් මේ තරම් දීර්ඝ වන්නේ කුමන හේතුවක් නිසාදැයි කියා කියන්නට ඔහුටවත් අවබෝධයක් නැත.........

" යන්ග් මාස්ටර් අද නඩු හතරක් තියෙනවා......"

සුපුරුදු පරිදි උදෑසන කෑම මේසයෙන් නැගිට මාස්ටර් හැරන් හට ආචාර කල යීබෝ  ඊළඟට හැරුණේ මිස්ට පීටර් දෙසටයි.......දවස තුළ ඔහු සිදු කළ යුතු දේවල් හැරන් උදෑසනින්ම ලබා දෙන්නේ ඔහු අතටයි..... දෙනෙත් පියාගන්නා පැය අටක නමයක කාලයකින් පසුව යීබෝව පාලනය කරන්නේ මිස්ට පීටර් විසිනි.....ඉතින් ඔහු පිටුපස තිබෙන අදෘශ්‍යමාන බලවේගය මාස්ටර් හැරන් යැයි කීවොත් නිවැරදිය......

" හ්ම්ම්......"

mr peter සුදුසු ලෙස ගෞරව කරන ගමන් එලෙසින් කියද්දී  එපමණක් ප්‍රතිචාර දැක්වූ යීබෝ  බංගලාවෙහි ප්‍රධාන දොරටුව දෙසට ඇවිදගෙන යන්නේ මග දෙපස හමුවන සියලුම දෙනා ඔහුට ආචාර කරන දෙසවත් බලන්නේ නැතුව සෘජුව ඉදිරිය බලාගෙනයි........

mr peter සුදුසු ලෙස ගෞරව කරන ගමන් එලෙසින් කියද්දී  එපමණක් ප්‍රතිචාර දැක්වූ යීබෝ  බංගලාවෙහි ප්‍රධාන දොරටුව දෙසට ඇවිදගෙන යන්නේ මග දෙපස හමුවන සියලුම දෙනා ඔහුට ආචාර කරන දෙසවත් බලන්නේ නැතුව සෘජුව ඉදිරිය බලාගෙනයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සමහර සේවකයින් පවසන්නේ මාස්ටර් හැරන් ගේ පෙනුමටත් වඩා යන්ග් මාස්ටර්ගේ පෙනුම භයානක බවයි.... ඒවා ඉතින් හැරන්ගේ සවනත නොවැකෙනවා නොවේ........එවන් මොහොතක ඔහුගේ මුව අගට ජයග්‍රාහී සිනහවක් මතුවන්නේ මාෆියාවේ අනාගතය පිළිබඳව හිතේ තිබෙන බිය ටිකෙන් ටික අතුරුදහන් වන අතරයි.........

" යන්ග් මාස්ටර් දිහා බලන්නත් බයයි......"

"  මම නම් දැකලා නැහැ කවදාවත් හිනාවෙනවා..."

⏳⏳ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⏳⏳ Zhanyi fan fiction  Complete ✅Where stories live. Discover now