72.... හැත්තෑ දෙවැනි හීනය......🪷

992 269 194
                                    

⏳⏳ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⏳⏳.......

⏳⏳ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⏳⏳

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

.
.
.
.
.

රන්වන් පාටින් දළුලන බෝධිය
නිල්වන් පාටින් කොළ ලන බෝධිය
ගෞතම මුනිඳුන් පිටදුන් බෝධිය
අපිත් වඳිමු ජය සිරිමහ ජයසිරිමහා බෝධිය..

මම මේ මලුවට යනවා එනවා
බෝමුල් බෝපත් මට පෑගෙනවා
සමාව දී මගේ පව් අරවනවා
බෝ රජුනේ මට අවසර දෙනවා.............

" සුදූ......... අන්න නිමල් මාමා කිරි ගෙනැත්......"

" මේ යනවා......."

අමුතුම තාලයකට ඇසෙන ගීතයක් සහ ශාරදා අම්මාගේ කටහඩින් ශාන් දෙනෙත් විවරකලේය......

එක්වරම තමන් සිටින්නේ කොහේදැයි හිතාගන්නට නොහැකිව තත්පර කිහිපයක් ගතවී ගිය අතර අවසානයේ ඉතින් දැන් තමන් සිටින්නේ ටුලීගේ ලංකාවේ නිවසේ ටුලීගේ කාමරයේ ඔහුවත් වැළදගෙන බව සිහිවී මුහුණට හරි අපූරු සිනහවක්ද මතු වුණේය....

තවම හරියට ඉර එළිය වැටී නැති බව නම් කවුළුවට උඩින් ඇති කැටයම් අතරින් පෙනෙන අහස දුටු ශාන්  තේරුම් ගත්තේය ..... තවමත් තමන්ගේ පපු මතට වී හරි අපූරුවට නිදාගෙන සිටින මෙනිත්ගේ හිස්මුදුන දෙතොල් තදකරගත් ශාන්  පෙර දින සන්ධ්‍යාවේ ඔවුන් මෙම නිවසට පැමිණි මොහොත සිහි කළේය.....

කොළඹ සිට පැය හයක් හෝ හතක් පමණ පොළොන්නරුවට පැමිණෙන්නට ඔවුන්ට ගතවුණු අතර නිවස අසලට එන විට සැඳෑ අඳුරත් සෙමින් සෙමින් ගලා එමෙන් තිබුණු ආකාරය ශාන් හට සිහි වුණේය.....

එන මග දිගට සිනලිගේ දුරකථන ඇමතුම් වලට පින් සිද්ධ වෙන්නට නිවස ඉදිරියේ වාහනය නතර කරන විට නිතරම දැක තිබෙන නිවසේ තුන්දෙනාට අමතරව තව හත් අට දෙනෙක්ද අලුතෙන් ඉදිවී ඇති නිවස ඉදිරියේ මග බලාගෙන සිටින ආකාරය දැක ගන්නට හැකි වුණේය......

⏳⏳ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⏳⏳ Zhanyi fan fiction  Complete ✅Where stories live. Discover now