10.. දසවෙනි හීනය...🪷

1.6K 390 359
                                    

⌛️⌛️ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⌛️⌛️.......

semini28 ආදරණීය නංගියාගෙන් අලුත් කතාවට ලස්සන කවර් පික්චර් එකක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

semini28 ආදරණීය නංගියාගෙන් අලුත් කතාවට ලස්සන කවර් පික්චර් එකක් ...ආදරෙයි ඉතින් මේ ලෙංගතුකමට ...❤💚💛

GoldenSanu  නංගියාගෙන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

GoldenSanu  නංගියාගෙන් .... ආදරණීය රීඩර් බබෙක් ..... ගොඩක් ලස්සනයි නංගා ...❤💚💛

මේ වගේ තෑගි හම්බවෙනකොට මට හරිම සතුටුයි අනේ......ආදරෙයි ඔයාලා හැමෝටම ...❤💚💛

.
.
.
.

එදිනෙදා වැඩ කටයුතුත් සමග තවත් සතියක් ගතවී ගිය අතර මේ මෙනිත් චීනයට පැමිණ මාසයක් සම්පූර්ණ වූ සතියයි...හරියටම කීවොත් අදට මාසයක් සම්පූර්ණ වන්නේය... සෑම මාසයකම විසි පස් වෙනිදාට සියලුම දෙනාට වැටුප් ලැබෙන අතර මෙනිත් ටත් දින විස්සක වැටුපක් ලැබෙන්නට නියමිතව ඇත...

" අම්මෝ......අද පොල් කඩන දවස......"

මනෝජ් ආයතනයේ ප්‍රධාන ගේට්ටුව ඈතින් පෙනෙද්දී එලෙසින් පැවසුවේ අතපයේ හිරි අරින අතරයි ... හොන්ෂි සහ ටැම් යීබෝ  දෙස බැලුවේ ඔහු කියන්නේ කුමක්දැයි දැනගැනීමේ උවමනාවෙනි ...

" අද පඩි දවසලු....."

මෙනිත් සිනාසෙමින් කියද්දී ඔවුන් දෙදෙනත් එය අනුමත කලේය ... ගැන්සියේ පොඩිවුන් තුන්දෙනා  යනුවෙන් මේ තිදෙනාට වෙනම සැලකිලි ලැබෙන්නේය...... ටැම්ට විසි දෙකකි... හොන්ෂිට විසි තුනකි.... මෙනිත්ට විසි හතරකි... අනෙක් සියල්ලෝම විසි හයට උඩින් නිසා ඔවුන්ට මේ තිදෙනා පොඩිවුන් වී ඇත....

⏳⏳ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⏳⏳ Zhanyi fan fiction  Complete ✅Where stories live. Discover now