04.. හතරවෙනි හීනය... 🪷

1.8K 398 308
                                    

⌛️⌛️ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⌛️⌛️............

.
.
.
.

එලෙසින් පැවසූ සර් නැමැත්තා ප්‍රියන්තට  ඇස්වලින් මොනවාදෝ කියූ සැනින් ඔහු කාමරයෙන් පිටතට ගොස් විවාහ රෙජිස්ටාර් වරයා කැඳවාගෙන ආවේය.... මෙනිත් වාඩිවී සිටින ස්ථානයට එහායින් තිබූ මේසය අසල වාඩි වූ ඔහු සර් ලබාදුන් මෙනිත්ගේ හැඳුනුම්පතත්  තවත් හැඳුනුම්පතකුත්  ළඟට ගෙන මොනවාදෝ ලියන්නට පටන් ගත් අතර මෙනිත් හැඟීම් විරහිත දැන් ඉතින් ඒ දෙස බලාගෙන සිටින්නට විය..

විනාඩි දහයක් පමණ ගත වන්නට ඇත............

" පපා................

**

එක්වරම දොර අසලින් ඇසුනු ගැඹුරු කටහඩට මෙනිත් හිස හරවා දොර දෙස බැලුවේය ....

මුහුණේ හිනා පොදක් නැති අඩි හයකටත් වඩා උස උසට සරිලන මහතකින් යුතු  අයෙක් ඉක්මන් ගමනින් කාමරය තුලට පැමිණි අතර ඔහුගේ ගැඹුරු බැල්ම සයිඩ් බෑගය කරේ එල්ලාගෙනම ඇඟට තුරුලු කරගෙන සිටින මෙනිත් දෙසට යොමුවී ඔහුගේ පියා අසල නතර විය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මුහුණේ හිනා පොදක් නැති අඩි හයකටත් වඩා උස උසට සරිලන මහතකින් යුතු  අයෙක් ඉක්මන් ගමනින් කාමරය තුලට පැමිණි අතර ඔහුගේ ගැඹුරු බැල්ම සයිඩ් බෑගය කරේ එල්ලාගෙනම ඇඟට තුරුලු කරගෙන සිටින මෙනිත් දෙසට යොමුවී ඔහුගේ පියා අසල නතර විය...

මෙනිත්ගේ හිතේ සිටි චීන ජාතික තරුණයා නම් මොහු නොවීය... එතරම් උසමහත නැති සාමාන්‍ය චීන ජාතිකයෙකු ඔහු හිතාගෙන සිටියත් එසේ නොවීය ..... නමුත් මෙනිත් ඒ පිළිබදව එතරම් හිතන්නට ගියේ නැත....

" ඔයා මෙතන වැඩි වෙලාවක් ඉන්න එක හොද නෑ...... ඉක්මනින් අත්සන දාලා යන්න...."

සර් නැමැත්තා එලෙසින් කියද්දී  එතැනට පැමිණි තරුණයා විවාහ රෙජිස්ටාර් වරයා ඉදිරියේ අසුන් ගත්තේය ....

මෙනිත් ටත් පැමිණි පුද්ගලයා පිළිබඳව මහා ලොකු හැඟීමක් හිතට නොදැනුනත් නමට හෝ කසාද බදින මිනිසා දෙස හැඟීම් විරහිත දෙනෙතින් තව වතාවක් බැලුවේය..

⏳⏳ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⏳⏳ Zhanyi fan fiction  Complete ✅Where stories live. Discover now