66.. හැට හයවෙනි හීනය .......🪷

1.4K 328 202
                                    

⌛️⌛️ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⌛️⌛️ ..........

Manakalie ආදරණීය නංගියාගෙන් ලස්සන තෑග්ගක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Manakalie ආදරණීය නංගියාගෙන් ලස්සන තෑග්ගක් ..........ඒක හරිම ලස්සනයි අනේ ආදරෙයි ඉතින් ..❤💚💛

.
.
.
.

HR එකත්  එකවුන්ටන් සෙක්ශන් එකත් අතර තරමක් දිගු කොරිඩෝවක් පිහිටා තිබෙන අතර ඒ දෙපස ඇත්තේ HR එකට සහ එකවුන්ටින් ශෙක්ෂන් එකට අදාල ලිපිගොනු තැන්පත් කර ඇති කාමර කිහිපයකි........

කොරිඩෝව දිගේ අඩි කිහිපයක් ඉදිරියට ඇවිදගෙන යද්දී කවුරුන් හෝ තමන් පිටුපස පැමිණෙන බවක් දැනුණු නිසා මෙනිත් එක් වතාවක් හිස හරවා බැලුවත් කිසිවෙක් පෙනෙන්නට නොසිටියේය....ඉතින් ඔහු යළිත් ඉදිරිය බලාගෙන අඩි දෙකක් හෝ තුනක් ගමන් කරන්නට ඇත......

එක්වරම .................

**

කවුරුන් හෝ පිටුපසින් තමන් අසලට දුවගෙන එන හඬක් ඇහෙද්දී මෙනිත් කෙලින්ම ඔහු දෙසට හැරෙන්නේ නැතුව පැත්තකට පැන ඒ දෙසට හැරුනේය .........

කිනිස්සක් .........තරමක් දිගු තලයක් සහිත නැමෙන සුලු කිනිස්සක් අතැතිව හඳුනාගන්නට නොහැකි නමුත් නිල ඇඳුම ඇඳගෙන සිටින සේවකයෙක්  වේගයෙන් ඇවිත් තිබුනේ මෙනිත්ගේ බෙල්ලටම කිනිසි පහර  එල්ල කරන්නටයි..........  පැත්තකට පනින්නේ නැතුව ඔහු දෙසට හැරුනා නම් අනිවාර්යෙන්ම ඒ කිනිසි පහර මෙනිත්ගේ ගෙල හරහා ගමන් කරන්නට තිබුනි.......

මාෆියාව තුළ මාස හතර හමාරක පුහුණුවට පින් සිද්ධ වන්නට මෙනිත් පැත්තට පැන ඔහු දෙසට හැරුණු නිසා කිනිසි පහර වැරදී ගියේය ........

ඉතින් ඒ පහරින් පමණක් සෑහීමකට පත් නොවූ සේවකයා යළිත් වතාවක් මෙනිත් දෙසට කිනිස්ස සමඟින් දුවගෙන එද්දී මෙනිත් ඔහුට වඩා ඉස්සර විය......... කිනිසි පහර ගෙල දෙසට එල්ල කරන්නට හිතාගෙන ඔහු ඉදිරියට එද්දී මදක් නැමුණු මෙනිත් ඉදිරියට දුවගෙන එන පුද්ගලයාගේ දකුණු පාදයේ  දණහිසෙන් පහලට වැරෙන් පහරක් එල්ල කරද්දී ඔහු එහෙම්මම බිමට වැටුණු අතර කිනිස්ස වීසි වී ගියේය...

⏳⏳ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⏳⏳ Zhanyi fan fiction  Complete ✅Where stories live. Discover now