20... විසිවෙනි හීනය....🪷

1.8K 400 651
                                    

⌛️⌛️ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⌛️⌛️......

⌛️⌛️ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⌛️⌛️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.



.
.
.
.
.

ඉරිදා දිනය ලාස්‍ය ගමනින් ගලා ගියේය ...ඒ ඉතින් මෙනිත්ට අනුවයි.... හේතුවක් කියන්නට නොදන්නා නමුත් මේ ඉරිදා දිනය ගෙවාගැනීම ඔහුට අපහසු කාරණාවක් වී තිබුනි.... පඩි ගන්නටත් තව දින හතරක් පහක්  තියෙන නිසා ඉතින් රෝන්දයක් යන්නටත් නොහැකිය ....ඒ තත්ත්වය ඉතින් මෙනිත්ට පමණක් නොව එපාට්මන්ට් එකේ හැමදෙනාටම පොදුවී ඇත...

පඩි ගන්නට පෙර සති අන්තය යනු .... බලාගත් අත බලාගෙන සිටින , තියෙන දෙයක් හදාගෙන කන , වැඩිපුරම ඈනුම් අරින සතිය බවත් පඩි අරගත් පසුව එළැඹෙන සති අන්තය  යනු මාසයේ ආදරණීයම , බලයෙන් ජවයෙන් පිරුනු , දවසට පැය විසි හතරත් මදි සති අන්තය බව මේ එපාට්මන්ට් එකේ සියලු දෙනාම අදහන කරුණකි....

සමහරවිට  ඒ හින්දා වෙන්නැති අප්පා ... නාන්නවත් හිතෙන්නෑනේ අද.....හෙට උදේ නාලා සුද්දා වගේ වැඩට යනව කියලත් හිතෙනවා අද මෙහෙම්මම ඉදලා......

මෙනිත් බැල්කනියේ වාඩිවී බර කල්පනාවකි.... එතැන ඇති ප්ලාස්ටික් අසුනක වාඩිවී බැම්මට කකුලකුත් තියාගෙන සිටින මෙනිත් මෙතැනට එනවිට වෙලාව දහවල් එක වත් වී තිබුනේ නැත...ඒත් දැන් වෙලාව හවස හතරටත් ආසන්න වී ඇත.....

",මෙනිත් උඹ රෙදි ටිකවත් හෝදගන්නෙ නැද්ද බ්ං....උදේ ඉදං අහුමුලු වලට වෙලා මනෝ ගහනවා....."

හතරට ආසන්න වෙද්දී දුමාල් කෑගහන්නට පටන්ගත්තේය ....

" නානවා අනේ....... තුන්දෙනාම ඉවරවෙනකල් හිටියේ නිදහසේ නාගන්න......"

අවසානයේ මෙනිත් මෙතරම් වේලාවක් රත්කෙරූ පුටුවෙන් නැඟිට්ටේය ...

⏳⏳ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⏳⏳ Zhanyi fan fiction  Complete ✅Where stories live. Discover now