41.. හතලිස් එක්වෙනි හීනය ....🪷

1.3K 338 451
                                    

⌛️⌛️ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⌛️⌛️.....

⌛️⌛️ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⌛️⌛️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Congratulations zhan zhan .... ඊයෙ මට හදිස්සියේම ඔයාට විෂ් කරන්නත් අමතකවුනානේ.......❤💚

.
.
.
.
.

තරමක් බැරෑරුම් කටහඬකින් මෙනිත් එලෙසින් කියද්දී අනෙක් පස පැවතියේ කෙටි නිහැඬියාවකි.....

" අප්පච්චි..........."

",ලොකූ.......... මං.........දන්නවා....... ඒක....."

මෙනිත්ගේ මුහුණට සිනහවක් නැඟුනේ මේ කතාව ඔහු බලාපොරොත්තුවෙන් සිටි නිසාවෙනි.... කොහොමත් ඉතින් අප්පච්චි නොදැනගෙන ඉන්නට විදිහක් නැත.......එදා පළවෙනි දවසේ බලහත්කාරයෙන් විවාහ කර දෙන්නට සූදානම් වන මොහොතේ ඔහු පැවසූ දේවල් මෙනිත් යලිත් සිහිපත් කලේය ....

" අපි හොඳින් ඉන්නවා පුතේ.....මේ අම්මයි නංගීත් ඉන්නවා..........ඔය මහත්තුරු වරදක් කරන්නෙ නෑ මගෙ පුතේ ...... ටික කාලයක් යනකොට ඔයා හැමදේම තේරුම් ගනීවි..... ඒක නිසා එයාලා කියන විදිහට වැඩ කරන්න ......."

ඉතින් ඒ අතීත වදන් සිහිවී මෙනිත් බර හුස්මක් පිටකලේය ...... අනෙක් අතට ඉතින් මෙතරම් දිනයක් දුරකථනය රැගෙන තනිව කොහේවත් නොගිය අප්පච්චි අද ඔහුගේ දුරකථනය ඔහු ළඟ තබාගෙන සිටී......

" ඔයා මොනවා හරි බොරු ගොඩක් කියලා අම්මලව ෂේප් කරපු හින්දා නෙවෙයිද වොයිස් මැසේජ් එහෙම නැත්තේ........ෆෝන් එක අතට ගත්ත ගමන් මට ඒක දැනුනා අප්පච්චි.......නැත්තං ඊයේ ඉඳලා මම online නැති උනහම අම්මා කලබල වෙනවනේ........."

මෙනිත්ගේ කටහඬ තුල හරි අපූරුවට වේදනාවක් දැක්වී තිබෙන බව අවබෝධ වූ ශාන් මෙනිත්ව දෝතින්ම වැළඳ ගත්තේය..

" ලොකූ........... ඔයා දැන් හැමදේම දන්නවනේ පුතේ...... "

" ඔව් අප්පච්චි .......ඒත් ඔයාලා මගේ අම්මයි අප්පච්චි තමා හැමදාම...... ඒක කවදාවත් වෙනස් වෙන්නෙ නෑ අප්පච්චි....... මොකද මට මේ අවුරුදු විසි පහටම මම පිට ළමයෙක් කියන එක කවදාවත් දැනිලා නෑ.....ඔයාලා මට ඒක දැනෙන්න දුන්නේ නෑ නේ...... ඉතින් ඔයාලා හැමදාම මගේ අම්මයි අප්පච්චියි...."

⏳⏳ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⏳⏳ Zhanyi fan fiction  Complete ✅Where stories live. Discover now