56.. පනස් හයවෙනි හීනය ... 🪷

1.2K 345 409
                                    

⌛️⌛️ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⌛️⌛️.........

           බෝනස්...............🪷

.
.
.
.
.

",යන්ග් මාස්ටර් ........ එතනදි හැසිරෙන්න ඕනේ විදිහ සම්පූර්ණයෙන්ම දැන් කියලා ඉවරයි...... කිසිම ප්‍රශ්නයක් ඇති නොවෙන්න කතාබහ කරලා එන්න තමයි තියෙන්නේ ......"

දැන් මේ යීබෝ  සහ මිස්ටර් පීටර් අමුත්තා  හමුවීම සඳහා වෙන් කරගෙන ඇති බෙයිජින්වල පිහිටා තිබෙන සුපිරි හෝටලයට වාහනයෙන් යන අතරයි...වෙලාව සවස තුනට තවත් විනාඩි දහයක් පමණ ඉතිරිවී තිබෙන අතර උදෑසන පටන් මේ වන තුරුත් ගෝල්ඩන් ගෘප් හී අනාගත හිමිකරු සමඟ කතාබහ කළ යුතු දේවල් පීටර් සහ හැරන් බරපතල ලෙස පැහැදිලි  කර දී අවසන්ය...

හුස්මක් කටක් ගන්නට ඉඩක් තියන්නේ නැතිව ඔවුන් දෙදෙනා මාරුවෙන් මාරුවට ඉගැන්වූ දේවල් නිසා යීබෝගේ ඔලුව විකාරවී ඇත....විශේෂයෙන්ම හැරන් උදෑසන පටන් කලබල වී සිටි ආකාරය යීබෝ මීට පෙර කිසිම දිනයක ඔහුගෙන් දැක තිබුණේ නැත...... ඉතින් මේ හමුවීම ඔහුට ඒ තරම් වැදගත් බව පමණක් යීබෝ  තේරුම් ගත්තේය .....

" හ්ම්........."

යීබෝ  ෂටර් එකෙන් පිටත බලාගෙන  එලෙසින් පිළිතුරු දුන් අතර එම පිළිතුරෙන් මිස්ට පීටර් සෑහීමකට පත්වුණේය......ගෙවී ගිය මාස හතරහමාරක්  කාලය තුළ යන්ග් මස්ටර් ඔහුගේ වගකීම් කිසිම අයුරකින් පැහැර හැර නැත.....ඒ නිසාම ඔහුට  යන්ග් මාස්ටර්  කෙරෙහි විශ්වාසය තැබිය හැකිය......

වාහනය හෝටල් පරිශ්‍රයට ඇතුල් කරන්නට ඕන්න මෙන්න තිබියදී මිස්ට පීටර්ගේ දුරකථනයට ඇමතුමක් ආවේය.....

" හෙලෝ........එතකොට අපි වෙන් කරපු කැබින් එක.......අහ්...........දැන් එතකොට කැබින් එකක් වෙන් කරාද..........ඕකේ........ඒත්........හ්......හරි කමක් නෑ.......... අපි දැන් පාකින් ලොට් එකෙ.......මං මේක මාස්ටර් හැරන්ට කියන්නම්........"

දුරකථන ඇමතුමට සවන් දී අවසන් වන විට නම් මිස්ටර් පීටර්ගේ මුහුණ තරමක් ව්‍යාකූලත්වයකට පත්වී තිබුණු අතර යීබෝ නම් ඒවා සත පහකට මායිම් කළේ නැත......පීටර් යලිත් ඇමතුමක් අරගත්තේය ....

⏳⏳ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⏳⏳ Zhanyi fan fiction  Complete ✅Where stories live. Discover now