08.. අටවෙනි හීනය.... 🪷

1.4K 366 244
                                    

⌛️⌛️ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⌛️⌛️....

බෝනස්..........🪷🪷

🪷🪷

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


.
.
.

" මෙනිත් ...... ඩොක්ටර් ගෙ රූම් එකට යන්න.... මෙඩිකල් රිපෝට්ස් ඇවිත් ඇති......"

උදෑසන දහයට පමණ බිමල් ඇවිත් කියද්දී මෙනිත් සිටියේ දුමාල් සමඟ යන්ත්‍රයක් පරීක්ෂා කරන අතරයි .... ඉතින් මැකෑනික් රූම් එකට ගොස් අත්දෙකත් සෝදාගත් ඔහු තෙවැනි මහලට ඇතුල්වෙද්දී ම............

**

අදත් අර මිනිහා..... මොකාද මේ........කුවාන්...... ඌ මොකද මට හිනාවෙන්නෙ.....මේකා එළියෙ ඉන්නවා කියන්නෙ අහවලා ඇතුලෙ ඇති .... යකෝ මේ මිනිහා සීනි අමාරු කාරයෙක්ද දන්නෑ ... එහා ගෙදර විහඟයගෙ අම්මා වගේ ඉන්සියුලින් විදිනවද දන්නෙනෑ දිනපතා ඇවිත්..... ඒ උනාට හෙනකඳයා වගේ තියෙන ඇඟපත දකින කොට නං හිතෙන්නෑ සීනි අමාරු කාරයෙක් කියලා . ..

මිස්ටර් කුවාන්  වෛද්‍යවරයාගේ කාමරය අසල ඇති අසුනක වාඩි වී සිටින දුටු මෙනිත්ගේ මල යකා ආරූඪ වුණේය.... හේතුවක් කියන්නට නොදන්නා නමුත්......එසේත් නැතිනම් ඉතින් සිදුවූ දේවල් නිසාවෙන් මෙනිත්ට මිස්ටර් ශාන් ගේ ලඟින් යන ඥාතියකු දුටුවත් කේන්තියක් ඇතිවෙන්නේය....

" වාඩිවෙන්න......."

ශාන්ගේ හත්මුතු පරම්පරාවටම දොස් දෙවොල් තබමින් කුවාන් අසලට පැමිණි මෙනිත්ට කුවාන්ගෙන් නම් හරි අපූරු සිනහවක් සමගින් එලෙසින් ප්‍රතිචාරයක් ලැබුණේය.....මෙනිත් සිනා නොවී සිටින්නට බැරි නිසා සිනහවක් තිළිණ කර ඔහුට අසුනක් මගහැර අනෙක් අසුනෙහි වාඩිවුනේ........

මුං එක්ක  මීටරේ පරතරය තියාගන්න ඕනේ...

යනුවෙන් හිතන අතරයි..... මෙනිත් එතනින් වාඩි වූ පසුවත් ඔහු වෙතට ලෙන්ගතු සිනහවක් තිළිණ කළ මිස්ටර් කුවාන්  ඔහු අතේ තිබුණු ටැබ් එකට අවධානය යොමු කළේය....

⏳⏳ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⏳⏳ Zhanyi fan fiction  Complete ✅Where stories live. Discover now