47... හතලිස් හත්වෙනි හීනය .... 🪷

1.2K 325 451
                                    

⌛️⌛️ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⌛️⌛️.........

GoldenSanu ආදරණීය නංගියාගෙන් ආදරණීය තෑග්ගක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

GoldenSanu ආදරණීය නංගියාගෙන් ආදරණීය තෑග්ගක් .....❤💚💛

.
.
.
.
.

" මෙනිත් උඹ අසනීපෙන්ද බං........."

" නෑ අයියේ...........එහෙම අවුලක් නෑ......"

" යකෝ හුනන් වල ඉඳලා ඇවිල්ලා දැන් පැය කීයක්ද......ඇදට වැටිච්ච පාර ඔහේ ඉන්නවා......"

දුමාල් සහ නෆ්‍රාස් මේ කෑගසන්නේ රාත්‍රි අටට පමණ මෙනිත්ගේ කාමරය තුල සිටයි.... මේ සෙනසුරාදා දිනයකි.... මෙනිත් බෙයිජින් එනවිට සවස තුන පසුවී තිබුණි.... දෙකට වැඩ අවසන් වී දුමාල්ලාත් ඇවිත් සිටි අතර ඔවුන් සමග වචන කිහිපයක් පමණක් හුවමාරු කරගත් මෙනිත් ඇඟට මහන්සි බව පවසා ඇදට ගියේය ...

" හරි හරි අනේ.......ඉන්න වොෂ් එකක් දාගෙන එන්නම්....... ඇඟට අමාරුවක් නේ තිබ්බේ......."

ගැලවෙන්නට බැරිම බව දැනගත් මෙනිත් ඇදෙන් බැස ටවල් එකත් රැගෙන  වොෂ් රූම් එකට ගියේ දුමාල්ගේ කොණ්ඩයත් අවුස්සාගෙනයි....

මනෝජ් , හොන්ෂි මෙන්ම ටැම්ලාත් අද රාත්‍රි දහය වනතුරු වැඩ බව දුමාල් කීවේය .... ඉතින් වොෂ් රූම් එක තුලට ගොස් ශවර් එක විවෘත කරගත් මෙනිත් මෙපමණ වෙලාවක් හිරකරගෙන සිටි කදුලු වතුර සමඟින් දියකර හරින්නට පටන්ගත්තේය ....

මට දුකයි සුදු අයියේ........තායිලන්ඩ් වලදි ඔයාට තිබුනා ඇස්වලට කදුලු පුරවගන්නෙ නැතුව ඉන්න...දැන් මට ඇස්දෙක පියාගත්තු ගමන් පේන්නෙ ඒ කදුලු පිරුනු ඇස්....... දවස් හතරක් ඔයාව ඈතින් වත් දකින්න නෑ මට..... මේක දරාගන්න බෑ අප්පා .........එක්කෝ හැමදාමත් එකට ඉන්න කාලයක් එනකල් එනකල් අපිට ලං නොවී ඉන්න තිබුනේ සුදූ......දැං කොහොමද ඔයා මගෙ එහාපැත්තෙන් නැතිව ජීවත් වෙන්නෙ... . ටුලී ඒක කරන්න එපා.......ටුලී මේක කරන්න එපා .... ටුලී... ටුලී...... ටුලී.......

⏳⏳ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⏳⏳ Zhanyi fan fiction  Complete ✅Where stories live. Discover now