71.. හැත්තෑ එක්වෙනි හීනය ...🪷

1K 287 332
                                    

⏳⏳ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⏳⏳............

⏳⏳ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⏳⏳

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මෙනිත් මහිංෂ ..........❤💚💛

.
.
.
.
.

" ඒ.......ඔහොම ඉන්නවා........"

මෙනිත් සිටින්නේ ෂියාඕ බංගලාව තුලට ඇතුල්වී එලිවේටරය දෙසට ඇවිද යන අතරයි..... මේ ඔවුන් ලංකාවට යන්නට දින දෙකකට පෙරයි.....ශාන් සොන් සමඟ හුනාන් ගියේ පාන්දර දෙකට පමණයි......පාන්දරින්ම ගොස් රාත්‍රිය වන විට යළිත් එන්නට ඔවුන් සැලසුම් කර තිබෙන්නේ ලංකා ගමනට පෙර සිදු කරන්නට තිබෙන රාජකාරී කටයුතු කිහිපයක් අවසන් කරන්නට අවැසි නිසාවෙනි....

ඉතින් හදිසියේම ශෙරීන් අසනීප වූ බව පැවසූ නිසා මෙනිත් පාගු සමඟින් ආවේ ඇයව වෛද්‍යවරයා වෙත කැඳවාගෙන යන්නටයි......

වටපිට බලන්නේ නැතුව කලබලයෙන් මෙන් විදුලි සෝපානය දෙසට ඇවිදගෙන යන ඔහු පිටුපසින් ඇසුණු කාන්තා කටහඬක් නිසාවෙන් ගමන නතර කළේය....

ඒ කවුරුන්දැයි කියා හැරී බලන්නට අවශ්‍යතාවයක් නැත.....මේ නිවසේ මේ ලෙසින් ගරු සරු නැතිව කතා කරන එකම කාන්තාව තම මවගේ වැඩිමල් සහෝදරිය බව ඉතින් මෙනිත් නොදන්නවා නොවේ......

" මෙහෙට එනවා....."

ඔහු තවමත් සිටින්නේ ඇයට පිටුපා විදුලි සෝපානය දෙසට ඇවිදගෙන යන අතර නමුත් ගමන නතර කර හිටගෙනයි ...........ඉතින් මෙනිත් හැරී තමන් දෙස බලන්නේ නැති කේන්තිය නිසා ඇය යළිත් එලෙසින් කියද්දී ඔහු ඒ දෙසට හැරුනා පමණකි අඩියක්වත් ඉදිරියට තැබුවේ නැත....

" මං හිතන්නේ මගෙත් එක්ක කතා කරන්න අවශ්‍යතාවය තියෙන්නේ ඔයාට.....ඉතින් ඇයි මං ඔයාගේ ළඟට එන්නේ......."

බලාපොරොත්තු නොවූ වාග් ප්‍රහාරයන් නිසාවෙන් හෙලේනා මදක් තිගැස්සුනේය...... ඒ බව ඇගේ දෙනෙත් වලින් මෙනිත් තේරුම් ගත්තේය .......

⏳⏳ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⏳⏳ Zhanyi fan fiction  Complete ✅Where stories live. Discover now