62.. හැට දෙවැනි හීනය.......🪷

1.1K 337 223
                                    

⌛️⌛️ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⌛️⌛️..............

⌛️⌛️ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⌛️⌛️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මෙනිත් එක්ක සුදු අයියා ❤💚💛

.
.
.
.

" අපේ හිත්වල තරහක් නෑ සර්......අපිට තියෙන්නෙ මේ සිද්ධ වෙන දේවල් ගැන පුදුමයක් විතරයි........මොන විදිහට අපි ඉස්සරහට ආවත් මෙනිත් කියන්නේ අපේ හොඳම යාළුවෙක්......ඒවගේම මට නං මගේ මල්ලි......

දුමාල්  එලෙසින් පවසා අවසන් කරන්නටත් පෙර මෙනිත්  වාඩිවී සිටි අසුනෙන් නැගිට දුමාල් අසලට ඇවිත් ඔහුව වැළදගත්තේය .........

**

ශාන්  කුවාන් දෙස බලද්දී ඔහුත් මේ දෙස සංවේදීව බලාගෙන සිටින ආකාරය දුටුවේය.......

" දුමාල් විතරක් නෙවෙයි ඔයා මගෙත් මල්ලි......"

දුමාල් ව වැළඳගෙන සිටින මෙනිත්ගේ පිටට තට්ටුවක් දමමින් නෆ්‍රාස් කියද්දී ඇත්තෙන්ම මෙනිත් සැනසුම් සුසුමක් හෙලුවේය .........

" මැකැනික් ටීම් එක විතරනේ ඔෆිස් එකට ගෙන්නුවේ......හොන්ෂි  ටැම් එහෙමත් අවුලෙන් ඉන්නේ........."

මෙනිත් දුමාල් අසලින් ඉවත්වී රූහිලා දෙස බලද්දී බිමල් කීවේය ........ රූහි නම් හිස ඔසවා බලන්නෙම නැත.... ඊට හේතුවත් ඉතින් මෙනිත් දන්නා අතර මේ මොහොතේ ඒ පිළිබඳව කිසිවක් කතා කරන්නට ගියේ නැත.......

" මෙනිත් හවස් වෙලා ශෙක්ෂන් එකට ඇවිල්ලා ඔයාලත් එක්ක කතා කරයි.......අද එන්න බැරි උනොත් එයා අනිවාර්යෙන් හෙට ඔයාලා මුණගැහෙන්න එයි.... එයා කොහොමත් ඉතින් මා එක්ක ෆැක්ට්‍රියට එනවනේ.....මිනාමි ඉතුරු වෙන්න අනිත් අය එහෙනම් ශෙක්ෂන් එකට යන්න......."

ශාන් ලෙංගතු ලෙසින්   එලෙසින් කියද්දී මෙනිත් සියලුම දෙනාට ආදරණීය සිනහවක් තිළිණ කලේය ....  දුමාල් මිනාමි දෙසත් බලා අනෙක් පිරිස සමඟින් කාර්‍යාලයෙන් පිටව ගියේය ....

⏳⏳ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⏳⏳ Zhanyi fan fiction  Complete ✅Where stories live. Discover now