06.. හයවෙනි හීනය...🪷

1.6K 388 248
                                    

⌛️⌛️ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞⌛️⌛️

.
.
.
.

මෙනිත් චීනයට ඇවිත් තුන්වෙනි දිනයටත් හිරු උදාවුනේය... මේ උදෑසන බාතෲම් පෝලිම් , තේ බීම් සියල්ල අවසන් කර සිවු දෙනාම වැඩට යන්නට ඔවුන්ගේ කාමරයෙන් පිටතට පැමිණි මොහොතයි...

" good morning ...."

මෙනිත්ලා සිටින කාමරයට ඉදිරිපස කාමරයේ දොරත් ඒ මොහොතේ විවෘතවූ අතර තරමක් උස මහත වියට්නාම ජාතික තරුණයෙක් ඉන් පිටතට ආවේය ...

" good morning ..."

සිවුදෙනාම ඔහුට එලෙසින් කීවේය ..... ඒත් සමඟම තවත් තරුණයෙක් ඔහුත් සමඟම පිටතට ආවේය... ඔහුත් වියට්නාම ජාතිකයෙක් ඌ අතර අර තරුණයාට වඩා උසින් මහතින් අඩුය.... දැන් හයදෙනාම විදුලිසෝපානයෙන් පහත මාලයට ආවේය ..

දැන් වියට්නාම ජාතික  තරුණයන් දෙදෙනා මෙනිත්ලාට මදක් ඉදිරියෙන් ඇවිද ගෙන යන අතර දුමාල් මෙනිත්ගේ කනට ලංවී රහසක් කීවේය ...

" ඒ කපල් එකක්  ..."

මෙනිත් ඇස් දෙකත් ලොකු කරගෙන දුමාල් දෙස බැලුවට පිළිකුල් සහගත ව කිසිවක් කියන්නට ගියේ නැත.... පොළොන්නරුව වැනි ගමක ජීවත් වුණාට මෙවන් සම්බන්ධතා පිළිබඳව මෙනිත් මෙන්ම ඔහුගේ මිතුරන් අතර ඉඳහිට කතාබහ ඇති වී තිබෙන අතර ඔවුන් පස්දෙනා නම් ඒ පිළිබඳව දරන්නේ විවෘත මතයකි..

එක එක්කෙනාගේ කැමැත්ත වෙනස් නේ... ඔව්වට හිනා වෙන්න හොඳ නෑ.....එහෙම වුනොත් අපිත් අර ගල් යුගයේ මෝඩයො ගානට වැටෙනවා....

ඒ මෙනිත්ලාගේ කණ්ඩායමේ මතය යි... නමුත් ඉතින් චීනයට පය තැබූ පළවෙනි දිනයේම සමරිසි විවාහයකට මුහුණ දෙන්නට සිදු වේවි යැයි කියා මෙනිත් හීනයකින්වත් හිතා තිබුණේ නැත....අනෙක් අතට තවමත් ඔහුට දැනෙන්නේ එය හීනයක් ලෙසිනි..ඊටත් වඩා මේ සිදු වූ දේවල් පිළිබඳව අප්පච්චී සමඟ නිවීසැනසිල්ලේ කතාකරන්නට උවමනාව තිබුනත් බෝඩින් කාමරය තුළ ඒ පිළිබඳව කතාබහ කිරීම එදා සර් නැමැත්තා තහනම් කළ ආකාරය මෙනිත් හට නිතරම සිහි වන්නේය... අනතුරුදායක යමක් සිදු කර තමන්ගේ ජීවිතයට කරදරයක් සිදු කරගන්නට තරම් මෙනිත් මෝඩ නැත.....

⏳⏳ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⏳⏳ Zhanyi fan fiction  Complete ✅Where stories live. Discover now