65.... හැට පස්වෙනි හීනය..... 🪷

1.1K 301 159
                                    

⌛️⌛️ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⌛️⌛️..........

⌛️⌛️ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⌛️⌛️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

.
.
.
.
.

ශාන්  ආදරණීය සිනහවක් සමග කියද්දී මෙනිත් බර හුස්මක් පිට කර ශාන්ගේ උරහිස මතින් හිස තියා ගත්තේය.....මේ ඔවුන් බන්ධනාගාරයේ සිට යළිත් නිවසට යන අතරයි.....ඉතින් ඒත් සමගම ශාන්ගේ දුරකථනය නාද වෙන්නට පටන් ගත්තේය.....

"සීයාපපා........"

ෂාන් එලෙසින් පවසන අතරම ඇමතුම සම්බන්ධ කර ගත්තේය .......

" කොහෙද ඉන්නේ ශාන් ........"

" හැරන්ව  බලලා එන ගමන්......."

" හ්ම්ම්ම්.......ඔය දෙන්නට අමුත්තො  දෙන්නෙක් ඉන්නවා.......මෙහෙට ඇවිල්ලම යන්න......."

**

ශාන්ගේ උරහිස මත හිස තියාගෙන සිටින නිසා අනෙක් පසින් පැවසූ සියල්ල මෙනිත් හටත් අපූරුවට ඇසුණු අතර ඔහුත් ඉක්මනින් හිස ඔසවා ශාන් දෙස බැලුවේ අමුත්තන් දෙදෙනා කවුරුන්දැයි එක්වරම හිතාගන්නට නොහැකි වූ නිසාවෙනි.......

" හරි සීයාපපා ........'

" පුළුවන් තරම් ඉක්මනට එන්න ඒ දෙන්නව ගොඩක් වෙලා තියාගන්න බැහැ......."

එලෙසින් පවසා ඇමතුම විසන්දි වූ අතර මෙනිත් ශාන්ගේ අතකින් අල්ලාගත්තේය .....

" කලබල වෙන්න එපා බබා......අනතුරක්  නම් එයා ඔය විදිහට කතා කරන්නේ නෑනේ........අපිට ඉතින් වෙන්නෙ මොකක්ද කියලා ගිහිල්ලම තමා බලන්න වෙන්නේ........දැන් ඉතින් ඔයාගේ රොටී රෙසිපියද  මැඩම් ශෙරීන්ගෙ ලන්ච් එකද......."

ශාන් සිනාසෙමින් අසද්දී මෙනිත් කල්පනා කරන බවක් ඇඟෙව්වේය.....

" දවල්ට ශෙරීන් මමාගෙන් කාලා  රෑට රොටි කමු......"

කෙටි කල්පනාවකින් පසු ඔහු එලෙසින් කියද්දී ශාන් හා යැයි හිස සැලුවේය ....... උදෑසන ඔහු සූදානම් කර තිබූ සැන්විච් ආහාරයට ගන්නා අතර චිකන් හොදි සමග පොල් රොටි කන්නට දොළදුකක් තිබෙන බව මෙනිත් ශාන් සමග පැවසුවේය.....

⏳⏳ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⏳⏳ Zhanyi fan fiction  Complete ✅Where stories live. Discover now