21...විසි එක්වෙනි හීනය ....🪷

1.7K 394 458
                                    

⌛️⌛️ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⌛️⌛️....

⌛️⌛️ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⌛️⌛️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

.
.
.

අවසන් පැය මෙනිත් ගෙවා දැමුවේ පුදුමාකාර නොසන්සුන් බවකින් යැයි කීවොත් නිවැරදිය... ඉතින් ඔහුට දැන් අවැසි වී තිබෙන්නේ කාමරයට ගොස් දොර අගුළු ලාගෙන ෂාන් විසින් පැළඳ වූ මඟුල් මුද්ද නිවාඩු පාඩුවේ පරික්ෂා කර බලන්නටයි.... ටැම් බට්ටා පැවසූ දේවල් ඇත්තක්ද කියා සර්ච් කරන්නටයි..... lgBTQ  වචනය ඔහු හඳුනා ගත්තේත් මෙම සම්බන්ධයට පසුවයි....  සමලිංගික සම්බන්ධතා පිළිබඳව කනින් කොනින් අසා තිබුණාට , මිතුරන් සමඟ අමුවෙන්ම කොලු කාරයින් ගැන කතාකලාට මෙවන් දේවල් ඔහු දැනගෙන සිටියේ නැත.....

" හෙමිං යමං බං.......උඹට මොන කුලප්පුවක් හැදිලද...."

වැඩ අවසන් වී වේගයෙන් වේගයෙන් ඇවිද යන මෙනිත්ට දුමාල් කෑගැසුවේය .... කොයිතරම් හැඟීම් සඟවාගෙන ඉන්නට හැදුවත් ඒවා කරන්නට පුළුවන් දේවල් නොවන්නේය.... මෙනිත්ට ඔහුගේ හැඟීම් සඟවන්නට අපහසු වී ඇත...

" අද මෙනිත් අයියට අස්ස කුලප්පුව...ඉන්නවකො මාවත් දාලා යනවා...."

දුමාල්ගේ කතාවට ටැම් බට්ටාත් හවුල් උනේය...

" මට චූබරක් හැදිලා මේ  ......"

නිදහසට කාරනාවක් ඔහු සියල්ලන්ටම අවබෝධ වන පරිදි පැවසුවේය....

" ඇයි අප්පා  චේන්ජින් රූම් එකට ගිහින් නේ ඔයා ආවේ....."

ටැම් එක්ක ඉතින් කතකර දිනන්නට නොහැකිය.... ඒවන විටත් ඉතින් ඔවුන් එපාට්මන්ට් එක අසලට ඇවිත් සිටි නිසා එතනින් එහාට කතාව නතර වී ගිය අතර මෙනිත් දැන් ඔහු පැවසූ ඔහුගේ හදිසි අවශ්‍යතාවය ඇත්තක් බව පවසන්නට මෙන් මුලින්ම වොෂ් රූම් එකට ගොස් කෙලින්ම කාමරයට රිංගා ගත්තේය ....

⏳⏳ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⏳⏳ Zhanyi fan fiction  Complete ✅Where stories live. Discover now