49... හතලිස් නවවෙනි හීනය.... 🪷

1.1K 350 312
                                    

⌛️⌛️ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⌛️⌛️......

Hasheeee2001 ආදරණීය නංගියාගෙන් ලස්සන තෑග්ගක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Hasheeee2001 ආදරණීය නංගියාගෙන් ලස්සන තෑග්ගක් ...ආදරෙයි ඉතින් ........❤💚💛

.
.
.
.
.

අලුත් අවුරුද්ද උදා වී සතියක් සෙමෙන් ගෙවී ගිය අතර මේ ඔවුන් රාජකාරි කරන මොහොතකි...... සයිලන්ස් දමා තිබෙන මෙනිත්ගේ දුරකථනයක් කිහිප වතාවක්ම නාද වෙන්නට පටන්ගත් නිසා කරමින් සිටි රාජකාරිය නතර කළ මෙනිත් මැකෑනික් රූම් එකට ආවේ ඇමතුම සම්බන්ධ කරගන්නටයි.....

Gedara 🌎 ❤ .........

" හෙලෝ ............"

" ලොකූ.............අප්පච්චි ඇක්සිඩන්ට් වෙලා........

**

සිනලිගේ හැඩුම්බර හඩ දුරකතනය දිගේ සවනත වැකෙද්දී මෙනිත්ට එක්වරම ලෝකයම එකතැනක නැවතුන බවක් දැනෙන්නට විය...... දුවගෙන යන්නට නොහැකි දුරක සිටින මෙනිත්ට මේ මොහොතේ තමන් හුස්ම ගත යුතු බව පවා අමතක වී ගියේය......අප්පච්චි ගේ අහිංසක මුහුණ මැවී පෙනෙද්දී දරා ගන්නට බැරි වේදනාවක් පපුවට දැනෙන්නට පටන් ගත්තේය....

මේ දුරකථන ඇමතුම එන්නට විනාඩි කිහිපයකට පෙර ඔහු බින් සහ හොන්ෂි සමඟ මොනවාදෝ පවසමින් මහ හඬින් සිනාසෙමින් සිටි අතර දැන් ඒ සතුටෙහි අල්ප මාත්‍රයක්වත් ඔහු අසල නැත....

" ඈ..............කොහේදිද.......මොනවා වෙලාද....."

එතැනම ඇති අසුනකට කඩාවැටෙමින් මෙනිත් කලබලයෙන් මෙන්ම උස් හඩින් අසද්දී ඔහුගේ භාෂාව නොතේරුනත් ලංකාවෙන් පැමිණි දුරකථන ඇමතුමකට ඔහු කලබල වී සිටින බව අවබෝධ කරගත් ටානි සහ මිනාමි  ඔහු අසලට ආවේය .... ඉතින් ඒ මොහොතේ දුමාලුත් වෙනත් වැඩකට මැකෑනික් රූම් එකට ඇතුලුවුනේය ....

⏳⏳ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⏳⏳ Zhanyi fan fiction  Complete ✅Where stories live. Discover now