60...හැට වෙනි හීනය .......🪷

1.4K 349 204
                                    

⌛️⌛️ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⌛️⌛️............

Manakalie ආදරණීය නංගියාගෙන් ලස්සනම ලස්සන තෑග්ගක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Manakalie ආදරණීය නංගියාගෙන් ලස්සනම ලස්සන තෑග්ගක් .......ආදරෙයි ඉතින් ..... ❤💚💛

.
.
.
.
.
.

" කොහොමද රොවෙන් ......."

" හොදින් ඉන්නවා පොඩි බේබි........"

ශාන්  සහ මෙනිත් ඔවුන් මෙතරම් වේලාවක් රැඳී සිටි හෝටලයෙන් වාහනයට නැගුනේ ශෙරීන්  දෙදෙනා වෙනුවෙන් වෙන් කර තිබෙන හෝටලයට යන්නටයි........සොන්ලාත් ඒ මොහොතේ පිටව ගිය අතර හෙට උදෑසන නවය වනවිට දෙදෙනාට ආයතනයේ සිටින්න යැයි පිටව යන්නට පෙර සොන් පැවසුවේය..........

වාහනයට නැඟුනු සැනින් දෙදෙනා යලිත් අත් අල්ලාගත්තේය .......... මේ මොහොතේ දෙදෙනාගේම හදවත් වලට දැනෙන සැනසීම වචනයෙන් කියා විස්තර කරන්නට නොහැකිය.......

" මගෙ ටුලී......"

ශාන්  මෙනිත්ගෙ අත මතින් හාදුවක් තබමින් කියද්දී මෙනිත් ශාන්ගේ උරහිසෙහි හිස තියාගත්තේය ....ශාන් අනෙක් අත මෙනිත්ගේ ඉනවටා දමාගෙන  දෙදෙනා අතර ඇති පුංචිම පරතරයත් නැතිකර දැමුවේය ............

රොවෙන් මේ කිසිවක් නොපෙනෙන ලෙසින් ඉදිරිය බලාගෙන සිටින්නේ ඔවුන් දෙදෙනාට නිදහසේ ඉන්නට අවැසි බව දන්නා නිසාය......රියදුරු උවත් ඉතින් හිස හරවා බලන්නේ නැත......

ශාන්  බේබි එසේත් නැතිනම් තම ස්වාමියා පොඩි බේබි නැති මාස කිහිපයේ විදි වේදනාව රොවෙන් අපූරුවට දුටුවේය ...... වාහනයේ පිටුපස අසුනේ වාඩිවී යන සෑම මොහොතකම ඒ දෙනෙත් වල තෙතමනයක් නොතිබුණු දවසක් නැති තරම්ය......ඇත්තෙන්ම මේ මොහොතේ රොවෙන් හදවතින්ම සතුටු වන්නේය........

⏳⏳ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⏳⏳ Zhanyi fan fiction  Complete ✅Where stories live. Discover now