40.. හතලිස් වෙනි හීනය....🪷

1.6K 363 413
                                    

⌛️⌛️ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⌛️⌛️..........

.
.
.
.
.
.

" ආෂ්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


" ආෂ්.......ටුලී......ඔහොමත් ජනෙල් අරිනවද අප්පා ........."

ශාන්‍ට පෙර මෙනිත් අවදිවිය....... තමන්ව පපුවට තුරුළු කරගෙන හරි අපූරුවට නිදාගෙන සිටින ශාන්  දෙස සෑහෙන වේලාවක් බලාගෙන සිටි මෙනිත් ඔහුගේ ග්‍රහනයෙන් ගැලවී ඇදෙන් බසිද්දී ශාන්  මදක් අවදිවුනේය ..... ඉතින් ජනෙල් වලටත් ජනෙල් තිර වලටත් එහායින් ඇති හිරු කිරණ වල ආලෝකය මේ වන විටත් කාමරයට වැටී තිබුණු නිසා මෙනිත් ගොස් ජනෙල් තිර පසෙකට කර ජනේලයත් විවෘත කෙලේ සෙමෙන් සෙමින් අවදි වී සිටින පුද්ගලයාවත් ඉක්මනින් අවදි කරවන්නට හිතාගෙනයි.......

මෙනිත්ගේ  ප්‍රයත්නය සාර්ථක විය......කවුළුව අසල දඟ කරමින් සිටි හිරු කිරණ එක්වරම කඩාගෙන බිඳගෙන කාමරයට ඇතුල් වූ අතර ජනේලයට කෙලින්ම තියෙන ඇඳ මත නිදාගෙන සිටින පුද්ගලයාගේ මුහුණට එය සෘජුව පතිත වුණේය.....

" romantic විදිහට ජනෙල් අරින්න මම දන්නෙ නෑ සුදු අයියේ.......නැගිටලා එන්න අපි තේ බොමු..........."

ශාන්  ගෙනැවිත් දුන් ස්ලිපර්ස් දෙකත් දමාගෙන  මෙනිත් කාමරයෙන් පිටතට ඇවිදගෙන යන අතර එලෙසින් පවසා යළිත් ගමන නතර කළේ තවමත් නිදිමත විකාරයෙන් මෙන් ඇඳමත වාඩිවී සිටින ශාන් දෙසට හැරෙන අතරයි...

" ඇඳ අස් කරලා එන්න ඕනේ පහළට........ මං බොන්නෙ කිරි ඔයා......."

", coffee ......"

  මෙනිත් සිනාසෙමින්  පහලට බැස්සේය ... ඉතින් ඔහු සමගින් දිනයක් ආරම්භ කරන්නට සූදානම් වනවා නොවේදැයි හදවතට දැනෙද්දී පුදුමාකාර සතුටක් ඇතිවුණත් එය එක්වරම කෑගසා ලෝකයට පෙන්නන්නට අකමැති මෙනිත් ඒ සතුට හදවතේ රඳවාගෙනම පහත මාලයට ඇවිත් වතුර උණු වෙන්නට තැබුවේ...

⏳⏳ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⏳⏳ Zhanyi fan fiction  Complete ✅Where stories live. Discover now