39... තිස් නවවෙනි හීනය..🪷

1.9K 378 284
                                    

⌛️⌛️ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⌛️⌛️..........

.
.
.
.
.

Ta pin .........ගුවන් තොටුපලින්  දෙදෙනාම පිටතට පැමිණෙන විට වේලාව හරියටම උදෑසන අටට ආසන්න වී තිබුණි......  ඉතින් පිටතට පැමිණ වටපිටාව පරීක්ෂා කර බලමින් දැන් ඔවුන් සිටින්නේ ඔවුන් රැගෙන යන්නට එනවා යයි කියූ පුද්ගලයා දැක ගැනීමේ බලාපොරොත්තුවෙනි....මේ ශාන් පවා වියට්නාම් පැමිණි පලවෙනි වතාවයි...

Xiao zhan .......

යනුවෙන්  පුවරුවක් අතේ තබාගෙන සිටින වයෝවෘද්ධ මිනිසෙක් දුටු දෙදෙනාම ඔහු අසලට ඇවිද ආවේය........

" මම මින්ග්ශෙන්..... "

තමන් ඉදිරියට පැමිණි චීන ජාතික තරුණයන් දෙදෙනා දෙස බලාගෙන ඔහු ආචාරශීලීව එලෙසින් කියද්දී ශාන්  සිනාසෙමින් ඔහුට අත දිගු කළේය...ඇත්තෙන්ම මේ මොහොතේ මැන්ඩරින් කතාකරන අයෙකු හමුවීම සැනසීමකි..... ඒ ඉතින් ඕනෑම අයෙකුට විදේශයකට ගිය විට ඇතිවන හැඟීමකි...නන්නා දුනන දෙනෝ ධර්මයක් මැද තමන්ගේ භාෂාව කතා කරන කවුරුන් හෝ මුණ ගැසීම වෙනම හැඟීමකි.....

" මම ෂියාඕ ශාන් .........."

" අපේ ලොකු බේබි......එතකොට මේ......."

", මේ මගේ හස්බන්ඩ් ......හ්ම්ම්ම්......ආන්ටි නූරාගේ පුතා......ෂියාඕ යීබෝ....."

ඒවදන් ඇසෙද්දිම දැන් මේ ඔවුන් ඉදිරියේ සිටින පුද්ගලයාගේ අත එක්වරම ඔහුගේ පපුව මත නතර වූ අතර වචන පිට කර ගන්නට නොහැකිව ඔහු ටික වේලාවක් දෙදෙනාම දෙස මාරුවෙන් මාරුවට බැලුවේය.....මෙනිත් ශාන් දෙස තරමක් කලබලයෙන් බලද්දී ඔහු ඇස් වලින් සන්සුන් වෙන්න යැයි මෙනිත්ට කීවේය ....

" දෙවියනේ......... පොඩි නෝනගෙ දරුවා......අපේ නූරා මැඩම්ගෙ දරුවා....... හම්බවුනු දවසෙ මං වඩාගෙන හිටියා ....."

මෙනිත්ගේ  මුහුණ දෙස බලාගෙන එලෙසින් පවසන ඔහුගේ දෙනෙත් වල තෙතමනයක් ද ඔවුන් දෙදෙනා දුටුවේය ...මේ ෂියාඕ කිරෙන්ගේ ගෝලයෙකි.... ගෝලයෙක් යැයි කියා කියනවාට වඩා විශ්වාසවන්තම දකුණු අත වැනි හවුල් කරුවෙකි....

" යමු යමු......පැය දෙකක ගමනක් තියෙනවා......ඉන්න මම ටැක්සියක් කතා කරගන්නම්...... ලොකු සර් ලොකු බේබි එක්ක තව එක්කෙනෙක් එනවා ආවහම අඳුනගන්න මින්ග් කිව්වා විතරයිනේ......අපි ගෙදර ගිහිල්ලා විස්තර කතා කරමු........"

⏳⏳ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⏳⏳ Zhanyi fan fiction  Complete ✅Where stories live. Discover now