15.. පහලොස්වෙනි හීනය.....🪷

1.6K 383 412
                                    

⌛️⌛️ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⌛️⌛️.......

__chocolate_girl__ ආදරණීය නංගාගෙන් තවත් ලස්සන තෑග්ගක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

__chocolate_girl__ ආදරණීය නංගාගෙන් තවත් ලස්සන තෑග්ගක් ....❤💚💛

.
.
.
.
.

" එහෙනම් මම අපේ බොසාට කියන්නම්...දහය වෙන්න කලිං වරෙං හොදේ...නැත්තං අපරාදෙ වරුවක පඩි කැපෙනවා......."

මෙනිත්ගේ රංගනය හරි අපූරුවට සාර්ථක වූ අතර දුමාල් මෙනිත්ගේ හිසට තෙල් ටිකකුත් දමා මසාජ් කර වැඩට යන්නට සූදානම් උනේය ...

" ගොඩාක් අමාරුයිද....මමත් සාත්තුවට ඔයා ළඟ නතර වෙලා පැය දෙකකින් වැඩට යන්නද...."

මෙනිත් හිස කැක්කුමක් නිසා පැය දෙකක් පමණ ප්‍රමාද වී එන බව පැවසූ සැණින් ටැම් මෙනිත්ගේ කාමරයට රිංගාගෙන ඇදමතින් වාඩිවුනේය ... හොන්ෂිත් ඒත් සමඟම කාමරයට ආවේය ...

" මට ලොකු අමාරුවක් නෑ බට්ටා..... මං දහයට කලින් එන්නම්..."

ලඟින්ම සිටින මිනිසුන් රවටන්නට සිදුවූ වේදනාව යටපත් කරගෙන මෙනිත් කීවේය ...හිස මඳක් වේදනා දෙන බව  පැවසූ මොහොතේ පටන් රූම් එකේ තිදෙනා මෙන්ම මේ සියල්ලෝ කලබල වී තිබෙන ආකාරයට මෙනිත්ගේ හිතට පසුතැවීමක්ද ඇති වුණේය...ඒත් ඉතින් අප්පච්චිට කතාකල යුතුමය....තමන්ගේ හිතේ තෙරපෙන වේදනාව දන්නේ තමන්ව පමණකි.... එකින් එක සිදුවන මේ සිදුවීම් නිසා සිදු වී තිබෙන්නේ මේ මේ දේවල් විය හැකි යැයි උපකල්පනය කරන විට හදවතට දැනෙන පීඩනය වෙන අයෙකුට දැනෙන්නේ නැත..... ඉතින් පුංචි බොරුවක් පවසා හෝ මේ ගැටළු නිරාකරණය කරගන්නට හැකිවුවහොත් සැනසිල්ලේ හුස්මක් ගන්නට හැකි වේ යැයි ඔහු සිතන්නේය.....

" එහෙනම් මම දහයයි කාලට ඔයාව බලන්න එනවා....."..

  ටැම් පොරොන්දුවක් ලබාදෙමින් කාමරයෙන් පිටවගිය අතර හොන්ෂි මෙනිත් අසලට ආවේය ...

⏳⏳ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⏳⏳ Zhanyi fan fiction  Complete ✅Where stories live. Discover now