63.... හැට තුන්වෙනි හීනය......🪷

1.2K 331 253
                                    

⌛️⌛️ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⌛️⌛️..........

Manakalie ආදරණීය නංගියාගෙන් ලස්සනම ලස්සන තෑග්ගක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Manakalie ආදරණීය නංගියාගෙන් ලස්සනම ලස්සන තෑග්ගක් .......ආදරෙයිනෙ.......❤💚💛

.
.
.
.
.
.

" ටුලී..........ඔයා අවුලෙන්ද........"

මෙනිත් මුලින්ම වොෂ් එකක් දමාගත් නිසා ශාන් ඊලඟට වොෂ් රූම් එකට ගියේය ....ශාන්ගේ කාමරය ...ෂියාඕ මැදුරේ ශාන්ගේ කාමරයට මෙනිත් අද මුලින්ම ආවේය .........

ශාන් වොෂ් එකක් රැගෙන එද්දී බැල්කනියට වී මෙනිත් කොහේදෝ බලාගෙන කල්පනා කරන ආකාරය දුටු ශාන් ඉක්මනින් ඔහු අසලට ගොස් එලෙසින් ඇසුවේ ඒ මුහුණේ හැඟීම් තේරුම් ගන්නට නොහැකි නිසාවෙනි .......

ශාන් එලෙසින් අසද්දී මෙනිත් බර හුස්මක් පිටකලේය ...........

" බබා.......මොකක්ද අවුල........"

මෙනිත්ගේ බර හුස්ම නිසා ශාන් තවත් කලබල උනේය .........

" මේ ගේට්ටුවෙන් ඇතුල් වෙනකොටම මගෙ හිතට මහ අමුතු හැඟීමක් දැනුනා සුදු අයියේ.......ඒක මොන වගේ හැඟීමක්ද කියලා කියන්න මට තේරෙන්නේ නැහැ.......ඒත් හරියට කවුදෝ මගේ දිහා බලාගෙන ඉන්නවා වගේ හැඟීමක්......"

මෙනිත් හිස් අහස දෙස බලාගෙන එලෙසින් කියද්දී ශාන් ඔහුගේ ඉන්න වටා තමන්ගේ අතක් දමාගෙන මෙනිත්ව ඔහුගේ සිරුරට බර කරගත්තේය.......

" නැන්දි වෙන්නැති බබා.........අවුරුදු විසිපහක් එයාගේ ආත්මෙට සැනසීමක් තියෙන්නෙ නැතුව ඇති නේද.......අද එයාගේ පුතාව මම ගෙදරට එක්කගෙන ආවට පස්සේ ඉතින් දැන් එයාගේ හිතට සැනසීමක් දැනිලා ඇති නේද......."

ශාන් එලෙසින් කියද්දී මෙනිත් ශාන් දෙසට හැරී ඔහුව වැළදගත්තේය ..........ශාන්ගේ ගෙල අස්සේ පපුව තියාගත් පසුව ඇත්තෙන්ම මිනිත් ගේ හදවතට දැනෙන අමුතු හැඟීම මඳක් සමනය වන බවක් දැනුණේය......

⏳⏳ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⏳⏳ Zhanyi fan fiction  Complete ✅Where stories live. Discover now