13... දහතුන්වෙනි හීනය.... 🪷

1.7K 397 342
                                    

⌛️⌛️ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⌛️⌛️.......

⌛️⌛️ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⌛️⌛️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

.
.
.
.

ලොකු අප්පච්චිට දැන් හුඟාක් අඩුයි ලොකූ......මම අද හවසත් බලලා ආවේ....."

ඇහැ ලඟ ඉදිමුමට බොරු හේතු දාහක් පවසා නිලන්‍තව සහ ශාරදාව අස්වසා ගත් මෙනිත් ඊලඟට ලොකු අප්පච්චිගෙ අසනීප පිළිබදව විමසුවත් ශාරදා තවමත් සිටින්නේ මෙනිත්ගේ මුහුණ දෙස බලාගෙන වේදානවෙන් සුසුම් හෙලන අතරයි..

" ගෙදර එක්කගෙන ආවත් මහන්සි වෙන්න දෙන්න එපා කියලා ලොකු අයියට කියන්න.... අක්කත් ලඟ පාත ඉන්න නිසා හොයලා බලන්න පුලුවන් නේ...."

" හ්ම්ම්ම් ඔව්.... ඔයත් අකිල පුතාට කතාකරන්න ලොකූ....... කවුරු නැතත් නිහාල් අයියලා එදා වගේම වෙනස් නොවී හිටපු මිනිස්සු...."

ශාරදා පැවසුවේ ඇගේ අතීතය සිහි උනු නිසා වන්නට ඇත....

" ඒ ලොකූ කෙල්ලෙක්ගෙන් ශොට් එකක් කෑවද......ආයි අම්මා ගහන්නේ  ........"

කොහේදෝ සිට ආලින්දයට ඇවිත් දුරකථනයට එබුනු සිනලි එලෙසින් අසද්දී  ශාරදා ඇගේ පිට හරහට එකක් ගැසුවේය .....

" ගහන්න කියන්නේ මොනවද ඔය අහන්නේ.... වැඩ කරද්දී  වෙච්ච දෙයක්.......උඹට වගේ මගෙ කොල්ලට විසේ නෑ......"

,දැන්නම් මෙනිත් ජයග්‍රාහී සිනහවක් පිරුණු මුහුණෙන් අම්මාගේ සහ දුවගේ රණ්ඩුව දෙස බලාගෙන සිටින්නේ නිලන්ත කොහේ ගියාදැයි හොයාගන්නට බැරුව අතුරුදහන් වී තිබෙද්දීය... සාමාන්‍යයෙන්  ඔය වැනි රණ්ඩු සිදුවෙන ඉසව්වකවත් නිලන්ත රැදෙන්නේ නැත... අම්මගේ ඒවත් දුවගෙවත් පැත්ත ගන්නට බැරුව අසරණ වෙනවාට වඩා වත්තට ගොස් තණකොළ ගහක් ඉගිලීම උචිත බව ඔහු දන්නා කරුණකි...

⏳⏳ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⏳⏳ Zhanyi fan fiction  Complete ✅Where stories live. Discover now