24... විසි හතරවෙනි හීනය.... 🪷

1.5K 410 584
                                    

⌛️⌛️ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⌛️⌛️.......

⌛️⌛️ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⌛️⌛️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සල්ලිකාර උස චීනා .................. ❤💚💛
.
.
.

හොටෙල් එකේ ඉදන් ෆැක්ට්‍රියට විනාඩි පහළොවක් උනේ ඇයි අප්පා..... එයා හරිම වෙනස් මගේ ලඟදි..... අච්චර ගිනි පිඹින මකරෙකුට එච්චර ආදරණීය වෙන්න පුලුවන්ද ... මෙච්චර වටින චොක්ලට් ඇයි මං වෙනුවෙන් ගෙනාවේ......ඒ චොක්ලට් එකක් ලංකාවෙ සල්ලි වලින්  හැටදාහක් විතර වෙනවා...... එතකොට තුනක්..... දෙවියනේ......මෙච්චර චූටි චොක්ලට් තුන එච්චර ගානක්.......කන්නෙනං නෑ පුතේ මං මේක මලාට.....

මේ සදුදා රාත්‍රියයි.... රාත්‍රී කාලයේ වැඩ කටයුතු සියල්ල අවසන් කර ගෙදරටත් ඇමතුමක් අරගෙන අවසන් වී සුපුරුදු පරිදි කාමරයේ විදුලි බුබුළු නිවා දැමූ මෙනිත් කවුලුව අසලින් පුටුව තියාගෙන වාඩිවුනේය ..... ඉතින් උදෑසන පටන් සිදුවූ සිදුවීම් එකින් එක සිහිපත් කරද්දී ඒ මුහුණට  හරි අපූරු සිනහවක් මතුවී තිබෙන ආකාරය චන්ද්‍රාලෝකයෙන් ඕනෑම අයෙකුට දැක ගත හැකිය...නමුත් ඉතින් මේ මොහොතේ ඒ මුහුණේ තිබෙන සිනහව දකින්නට හැකි වන්නේ ආකාසයේ තැන් තැන්වල දිදුලන තාරුකාවන්ට පමණකි...

අද දවසේ විශේෂ සිදුවීම් කිහිපයක් සිදු වුණේය..මෙනිත් අඩ සඳකට වඩා මදක් මෝරා ඇති සඳ දෙස බලාගෙන ඒවා එකින් එක මෙනෙහි කරන්නට පටන් ගත්තේය..

සතියකට පස්සේ අද උදේම එයාව දැක්කා....හ්ම්ම්ම්..... ඊළඟට ඉතින් කොහේදෝ නැති මොරාල් එකකින් වැඩ කරන්න පටන් ගත්තා... ඊලඟට මාමණ්ඩිගේ හෝටලේට ගියා..... එයා එක්ක විනාඩි පහළොවක් වාහනේ ඇතුලේ ආවා......ඒ විනාඩි පහළොව නම් කවදාවත් අමතක වෙන එකක්නෑ......ඒ උනාට දවල් වෙනකොට ඊටත් වඩා සතුටු හිතෙන ආරංචියක් හම්බවුණානේ.... ජූලි......අර මල ජූලියා HR එකට දාලා එතනින් ඇන්ටි ඩයල් එකක් රිශෙප්ෂන් එකට අරගෙන .......අම්මෝ මට දැනුනු සතුට....ඒකනං කිව්වෙ හොන්ෂියා.......ඌ HR එකට ගිය වෙලාවෙ ඒකි ඉන්නවා දැකලා..... 

⏳⏳ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⏳⏳ Zhanyi fan fiction  Complete ✅Where stories live. Discover now