33.... තිස් තුන්වෙනි හීනය....🪷

1.5K 390 440
                                    

⌛️⌛️ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⌛️⌛️.......

ආදරණීය රීඩර් බබෙක් ගෙන් ලැබුනු ලස්සනම ලස්සන තෑග්ගක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ආදරණීය රීඩර් බබෙක් ගෙන් ලැබුනු ලස්සනම ලස්සන තෑග්ගක් ......... ආදරෙයි නංගො.....❤💚💛

.
.
.
.
.

📩   කියනදේ අහන්න ටුලී........ හෙට දවසට විතරක් නිවාඩු ගන්න....... ඔහොම වැඩට එන්න එපා.........

වෙලාව රාත්‍රි එකොළහ පසුවෙමින් තිබෙන අතර මෙනිත් ඇදේ හාන්සිවී ශාන් සමඟින් කෙටි පණිවිඩ හුවමාරු කරගනිමින් සිටින්නේය...ශාන්  දැන් මේ කෙටි පණිවිඩය මෙනිත්ට එවන හතරවෙනි වතාවයි........

📩   එක්කෙනෙක් මට පොරොන්දුවුනා හෙට කොහොම හරි මං ගේන දේවල් ගන්නවා කියලා .....

මෙනිත් එලෙසින් කෙටි පණිවිඩයක් තබා අනෙක් පසින් ඊට පිළිතුරු ලැබෙන තුරු බලාගෙන සිටින්නේය....

📩   හෙට කොහොම හරි ඒ වැඩේ කරමු....... මං පොරොන්දු උනානේ......දැන් කියන්න ඉන්නවා නේද හ්ම්ම්ම්.....

මෙනිත් ඊට පිලිතුරක් යවන්නේ නැතිව ටිකවේලාවක් බලාගෙන සිටියේය ... ඔහුට දැන් හිතේ ඇත්තේ කේන්තියකි.... මේ වන විට ඔවුන් දෙදෙනා අඩ හෝරාවක් පමණ කෙටි පණිවිඩ හුවමාරු කරගත් අද සවස මිනාමි සහ ඇගේ මව ආයතනයට පැමිණීම පිළිබඳව තවම ශාන් ඔහු සමඟ පැවසුවේ නැත....... මෙනිත්ට අවශ්‍ය වී තිබෙන්නේ ඔහු අසන්නට පෙර ෂාන් එය ඔහු සමග පවසනවා දකින්නටයි..

කොයිවෙලේ හරි මතක් වෙලා ඕක කියනකං ආය මැසේජ් කරන්නෙ නෑ....

හිතට ඇතිවුනු වේදනාවක්ද සමඟින් මෙනිත් දුරකථනය පසෙකින් තබා දෙනෙත් පියාගත්තේය ...ටිං ටිං ටිං හඩින් කෙටිපණිවිඩ කිහිපයක්ම ලැබුණත් ඔහු ඒවා බලන්නටවත් ගියේ නැත....

⏳⏳ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⏳⏳ Zhanyi fan fiction  Complete ✅Where stories live. Discover now