23... විසි තුන්වෙනි හීනය....🪷

1.7K 405 478
                                    

⌛️⌛️ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⌛️⌛️.......

⌛️⌛️ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⌛️⌛️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

.
.
.
.

සතියක් නිවීසැනසිල්ලේ නොවූවත් නොයෙක් සිදුවීම් සමගින් ගලා ගියේය..ඒ සතිය ඉතින් මෙනිත්ට නම් නීරස සතියක් බවට පත්වූයේ ආයතන ප්‍රධානියා හදිසියේම සඳුදා විදේශගතවූ නිසාවෙනි.... ඇත්තෙන්ම එම ගමන සිදුවූයේ නොසිතූ මොහොතකයි..... හුනාන් ෆැක්ට්‍රියෙන්  අතුරුදහන් වී නැවතත් හමු වූ ස්ටොක් එකේ බරපතල ගැටලුවක් ඉස්මතු වී තිබුණු නිසා එම රටටම ගොස් එම ගැටලුව නිරාකරණය කරන්නට ශාන් හට සිදුවිය....

සදුදා දහවල් වනතුරුත් ශාන්  විදේශ ගතඋනු බවක් මෙනිත් දැන සිටියේ නැත.... ප්‍රමාද වී හෝ ඒ මුහුණ දකින්නට හැකි වේවියයි බලාපොරොත්තුවෙන් සිටියත් අවසානයේ  දිවා ආහාර විවේකයේදී ආයතන ප්‍රධානියා විදේශ ගතවී ඇති පණිවිඩය සවනත වැකුණේය......

එයා ඒ වගේ දුර ගමනක් යනවා කියලා මම දන්නෙත් වටේ මිනිස්සු කියද්දි.... එක අතකට ඉතින් මං ඇයි ඕනවට වඩා මේ ගැන හිතන්නෙ... මට ඉස්සර වගේ ඉන්න ආසයි.....මේ කිසි දෙයක් ගැන හිතන්නේ නැතුව නිදහස් මෙනිත් වගේ.... මේ වගේ දේවල් එක්ක පපුවට දැනෙන බර දරාගන්න අමාරුයි.... ඒත් යන්න කලින් මට කියලා ගියානම් මෙහෙම බරක් හිතට දැනෙන එකක් නෑ කියලා හිතෙනවා .....

සදුදා ඒ ලෙසින් හිතට දැණුනු බර සිකුරාදා වනතුරුත් පහවගියේ නැත..... ඔහුවටා සිටින සමිපතමයින් හට පවා මේ වෙනස අවබෝධ වූවත් ඉතින් මෙනිත් රටේ නැති හේතු පවසමින් ඔවුන්ව මඟ හැරියේය ...

ලොකු වෙන්නෙ නැතිව අවුරුදු දාහතරෙ පහළොවේ කාලෙන් නතරවෙලා අප්පච්චිගෙ ඇගේ එල්ලිලා ඉන්න තිබ්බනම් මෙච්චර හිතට බරක් නැතිවෙයි... වයසින් වැඩිවුනු හින්දනේ පවුලෙ බර දැනෙන්න ගත්තේ.........

⏳⏳ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⏳⏳ Zhanyi fan fiction  Complete ✅Where stories live. Discover now