69.. හැට නවවෙනි හීනය...🪷

1K 293 219
                                    

⌛️⌛️ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⌛️⌛️.....

.
.
.
.
.

",සුදූ..........සුදු අයියේ..............නැඟිටින්න බෝලේ.......අටයි වෙලාව........"

මෙනිත් අවදිවූයේත් මේ දැන් විනාඩි දෙකතුනකට පෙරාතුවයි........ගමන් මහන්සිය නිසාම ඉතින් දිගු නින්දක සිටියත් කරන්නට රාජකාරි තිබෙන නිසා මෙනිත් ශාන්ව අවදිකරන්නේ ඔහුගේ  දෑත් අතරින් වත් මිදෙන්නේ නැතිවයි.....

",දහයට බබා යන්න තියෙන්නේ ........"

අපහසුවෙන් නමුත් දෙනෙත් විවරකරමින් ශාන් කියද්දී මෙනිත් ශාන්ගේ අත් අතරින්ම මදක් ඉහලට ඇවිත් ඒ කම්මුලක් මතින් හාදුවක් තැබුවේය ...

" අවදිවෙලා මාව චුට්ටක් හුරතල් කරන්න ඉතින්......ඇදෙන් බහින්නම ඕනෙ නෑනේ......"

මෙනිත් කුඩා දරුවෙකු ලෙසින් කියද්දී ශාන් ඒ මුහුණ දෙස ආශාවෙන් බලාගෙන හිද නලල මතින් දෙතොල් තදකලේය .... ඒ පහසට මෙනිත්ගේ දෙනෙත් පියැවී ගිය අතර ශාන් ඔහුව තවත් තදින් පපුවට තුරුලුකරගත්තේය ....

" my louts flower .........මගෙ පණ........"

නලලින් දෙතොල් ඉවත්කරගෙන මෙනිත්ගේ කම්මුල මතිනුත් හාදුවක් තබමින් ශාන් කියද්දී මෙනිත්ගේ ඇස් දිදුලන අයුරු ශාන්  දුටුවේය.....

ඔවුන් පෙරදින රාත්‍රි අට පමණ වනවිට ඉතාලියේ මිලානෝ නගරයට ආවේය .......එහි සුවපහසු හෝටලයක නතරවූයේ අද මුලින්ම මෙහි සිදුකරන්නට කටයුතු කිහිපයක්ම තිබෙන නිසාවෙනි ......

ඉතාලියේ නමගිය මාෆියාවක් වන vex මාෆියාව  එසේත් නැතිනම් ඉතාලි රජයට සෘජුව බලපෑම් එල්ල කළ vex මාෆියාව මුලින් උපුටා දැම්මත් ඉතින් තවමත් එහි නීතිමය කටයුතු අවසන් වී නැත..... අවසන් විනාඩියේ වුවත් එහි නිත්‍ය හිමිකරු වන්ග් යීබෝ බවට වෙනස්වීම නිසා දැන් ඒ සියලු කටයුතු අවසන් කරන තුරු මෙනිත්ට සැනසීමක් ඇත්තේ නැත........

" සී අයි ඩී එකට දහයට යන්න තියෙන්නේ බබා...... බයවෙන්න එපා සීයාපපාගෙ තුන්දෙනෙක් අපිත් එක්ක යනවා........ අපිට අනිද්දා ට්‍රේනින් ස්කූල් එකට යන්න පුලුවන් ......."

මෙනිත්ව තුරුලුකරගෙනම ශාන්  කියද්දී ඔහු නිහඩවම ඒවාට ඇහුම්කන් දුන්නේය....

⏳⏳ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⏳⏳ Zhanyi fan fiction  Complete ✅Where stories live. Discover now