platonic මනෝභාවය

78 17 9
                                    


විටෙක,
කවියක් යනු
හැමදේම කියනා
ලියනා
ඇසෙනා
හුස්ම ගන්නා
ප්‍රාණියෙකි,
එවන් 'කවියක'
අර්ථ නිරූපණය
පවා
අසීරු ය

තවත්
විටෙක
කවියක් යනු,
සංවේදනයට
ගෝචර නොවන
අමුතුම
'මානය'කි

මස්තිෂ්ක බාහිකයේ
හුදු ගබඩා වූ
තේරුමක් නොදත්
වචන
මාත්‍රයකි,
එවන් 'කවියක'
නිරුක්ති සෙවීම
අර්ථ ශුන්‍ය ය

"පටිභාන"
කඳුළු සලයි
නියුරෝන වල
විගඩම් දැක

කවිය,
හැකියාවක් නොව,
මනෝභාවයකි.

Where's Her Shoe? | POETRYWhere stories live. Discover now