යථාර්ථවාදී යුටෝපියාව

57 10 6
                                    

මරණය
දුටු නිසා
ත්‍රෙස්තල්*දුටිමි,
තවකකු දකින තුරු
පැහැදිලි කිරීම
අතහරිමි,

ඇත්ත
ඇති සැටි දැකීම
ආශිර්වාදයක් ද?
නැතිනම්,
ශාපයක් ද?
කවදා හෝ
ඒ ගැන
නොසිතුවෙමි,
නොසිතන්නෙමි,


මායාව
සත්‍යයෙන් පටලාගත්
ඔලු ගෙඩි,
පිස්සෙකැයි
මා
පෙන්වා
සිනාසෙයි,
මම ද
ඔවුන් හා
එක්ව සිනාසෙමි...
ලේ
පිරිසිදු වීමට
සිනහව
හොඳ
ඖෂධයකි!!








*ත්‍රෙස්තල් යනු, හැරී පෝටර් කතා මාලාවේ දක්නට ලැබෙන මායා සත්ත්වයෙකි.කතාවට අනුව මෙම විශේෂය දැක ගත හැකි වන්නේ මරණය සියැසින් දුටු සහ පිලි ගත් පුද්ගලයින් ට පමණි.තෙස්ත්‍රල්, සත්‍ය කාරුණික භාවය සහ පිලි ගැනීම(acceptance) නිරූපණය කරයි.කතාව තුළ මෙම සත්ත්වයා දැක ඇත්තේ ලුනා ලව්ගුඩ් සහ හැරී පෝටර් පමණි.

_කවිය 'ලුනා ලව්ගුඩ්' චරිතය පාදකව ලියැවිණි.

_කවිය 'ලුනා ලව්ගුඩ්' චරිතය පාදකව ලියැවිණි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Where's Her Shoe? | POETRYWhere stories live. Discover now