ශුන්‍යය අතහැරීම

57 10 5
                                    


වැලි මළුවේ
දැල්වෙන
හඳුන්කූරු දෙකකි,

අළු කැට
වැටෙමින්
අඩක් පිච්චුණ
හඳුන්කූර
ප්‍රියතාවයේ නිසාරත්වය
පෙන්වා
දුන්නේය,

දැල්වී
මුළුමනින්ම අළු වී ගිය
හඳුන්කූරක
ඉරටු කැබැල්ල,
නිවනට තිබූ
'තෘෂ්ණාව '
පෙන්වා
දුන්නේ ය..

ගලන්න
ඉඩ
දෙන්න.

Where's Her Shoe? | POETRYWhere stories live. Discover now