එකම වචන,එකම දේ නොකියන තැන.....

50 11 5
                                    

පරිච්ඡේදයක
පසු
එක් එක්
මිනිසා
මතකයන් ට
එක එක
වටිනාකම් දෙයි

මතක,
       ඔසුවක්,
       මත්ද්‍රව්‍යයක්,
       මනෝභාවයක්,
       පෑරෙන තුවාලයක්,
       පාලමක්,
       සිහිනයක්,
       ජීවිතයක්,
වූ
ජීවිත අතරේ
එක් පුද්ගලයෙකු ට,
'මතක'
අමතක නොවන මුත්
දුකක්
සතුටක්
නොදෙන
සිතිවිලි මාත්‍රයකි,
ගත යුත්තක්
තිබිණි නම්,
එ කලම
ලබා ගත්
බැවින්,
අත් හැරීමට
අල්ලා ගත් කිසිවක්
මතක තුළ
නොපවතී,

ඉතින්,
මතක
ගලා බසී..........

Where's Her Shoe? | POETRYWhere stories live. Discover now