දෙවන ජවනිකාව

61 13 10
                                    



මොහොතකට
'ජුලියස්'
වෙමි,
අවසානය
දැන දැනම,

දෑස් පියවෙද්දී
"බෲටස්,
ඔ බ ත් ..."
යයි
නොකියමි

පුදුමයක් නැත!

කිරුළත් සමඟම
ලැබෙනා
'සැකය'
අතහැරිය නොහැකි
දායාදයකි,
පසුතැවිල්ල ට
රජ වූ පසු
ඉඩක්
නැත..

'දැන සිටියෙමි'
නිසැකවම!

මෙවර ද
යමක් කියමි,
""බෲටස්,
ඔ බ ත්....."

Where's Her Shoe? | POETRYWhere stories live. Discover now