මරණ තුනක් ඇති මිනිසා

58 11 6
                                    



එකම
පොත
කලබල නැතිව
විවේක බුද්ධියෙන්
තුන් වතාවක්
කියවා බලන්න,
වාර තුනකි,
ඇති වූ
නිර්වචන තුනකි,*

එයයි
ඔබේ
'පරිණතකම '

ඔබ ගත්
අවසාන දැක්ම
ඇත්ත ම 'අවසානය' ද?
ගමනක
දිනුම් කණුව ද?
එසේ
සිතුනි නම්,
එයයි
ඔබේ
නොමේරු කම

රැඩිකල්වාදියකු
යැයි
හඳුන්වා ගැනීමට
කලබල නොවන්න,
'රැඩිකල්වාදය'
නිර්වචනය
කර ගන්න

'අනාගතය'
අත වනයි




* නොවේද?
නොසලකන්න,
පොතේ අකුරු වෙනස් වූයේ නැත,
ඔබ කියවා ඇත්තේ 'ඔබ' යි.
නිවැරැදි ම මග හමු වූ අතලොස්සක් අතර ඔබ සිටී නම්, සෑම කියවීමකදී ම වෙනස් අර්ථකථනයක් නොලැබීම අරුමයක් නොවේ.😶

Where's Her Shoe? | POETRYWhere stories live. Discover now