'සේකර' ගේ බ්‍රහ්මන් පදාර්ථය

62 12 8
                                    


මුණ ගැසුණි
ආගන්තුකයකු,
කාලය ගෙව්වා
දුක සතුට
බෙදා ගනිමින්

සැඳෑව එළඹුණු
විටෙක
ඔහු කතා කළා
පිළිසඳරකට,

"එකට
යන්න තිබුණු
දුර
ඉවර වෙන්න
ලං වෙන හැඩයි "

"අපි ඕක
කලින්ම
කතා කලා නේ......
ඇයි,,
ඔබට 'එය'
දැනෙනව ද?"

"බැඳී...."

"ඔව්???"

".............
දන්නෙ නෑ "

අධිවේගී
ඇස් පිල්ලමකි,
එක්
බැල්මක් තුළ
සියල්ල
හුවමාරු විය

ආගන්තුකයෝ
දෙදෙන
විසිර ගියහ
තමාගේ
ගමන් මගෙහි,
එකිනෙකාට
සුබ පතා ගනිමින්...

හැරයාමේ,
වෙන්වීමේ,
වෙනස සෙවීමට,
මන්දස්මිතයක්
මුව'ග
දරා ගනිමින්..

දැකීම්
මාත්‍රය
'ආරම්මණය'කි

සුබ ගමන්..

සුබ ගමන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Where's Her Shoe? | POETRYWhere stories live. Discover now