' වසා ඇත '

61 12 6
                                    


මනසින්
සියල්ල දුටු
මා
මුල්වරට
හදවතට සවන් දුන්නෙමි,

බිය වූ
දෙයම
නැවතත්
මා
ඉදිරියට ආයේ ය

තෝරාගැනීම
මත
සියල්ල
වෙනස් වන බව දනිමි,

කුමක්
කරන්නද,

එක්
වරක් වූ
වරදක
වින්දිතයෙකි
මා.....

තමා දන්නවුන්
අතරම
ආගන්තුකයකු වූ
'වික්ෂිප්ත' දෑසක්,
අතීතයේ
දිවි ගෙවන
ආශාබරිත දෑසක්,*

ඉතිහාසය
නැවත නැවතත්,
එලෙසම
ලියවේ ද?

ගැහෙනා
ඇඟිලි තුඩු
අවසාන
තීරණයක් ගත්
ළය මත
තබද්දී,
හීන් සීරුවේ
කඳුලක්
රූටා ගියේ ය.



[හැරී පෝටර් කතා මාලාවේ 'මහාචාර්ය මිනර්වා මැගෝනිගල් ' චරිතයේ තරුණ අවධිය පාදක කර ලියැවිණි.]

* දෙමාපියන්

* දෙමාපියන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Where's Her Shoe? | POETRYWhere stories live. Discover now