යථාර්ථවාදී රොබෝ'සියා 02

58 11 6
                                    



.........

ඉදිරියට ගියෙමි

අමතක වූ
යමක්,
නැවත
සොයා ගැනීමට

දුටුවෙමි..

දැන්,
දකින
දකින දෙය
'සුන්දර'
මතකයකි,
තනි හිතට
පැඟිරි සිනා ගෙනෙන

"එහ්...
එතකොට මං?"

විඛණ්ඩනය
හුරු මනස
ආධිපත්‍යය
පෙන්වයි

ප්‍රශ්නාර්ථයකි!

එක්
සිතක් තුළ
එකම
දෙය
දෙවිදිහකට පෙන්නන
'ඉන්ද්‍රජාලිකයා'
මංපෙත්
දෙකක් දෙසට
ඇඟිල්ල දිගු කර
පෙන්වයි

"කැමැත්තක්
තෝරගනින්,
හරියි කියල
දෙකක් නෑ"

වංකගිරියකි,
ජීවිතය

වසන්තය සොයමි,
තාමත්,
කනවැන්දුම්
සිතින්....



වසන්තය සොයමි,තාමත්,කනවැන්දුම්සිතින්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Where's Her Shoe? | POETRYWhere stories live. Discover now