ඒකාත්මික විසංවාදය

72 16 7
                                    



කෘතවේදී වෙමි,
ගලන මේ
තප්පරයකටත්

අසිහියෙන්
දොඩවන විට
පවා
නිහඬ බවින්
පිළිතුරු දෙනවාට,

"ඔහොම නෙමෙයි නේද"
"ටිකක් ඉමුකො"
දත්මිටි කාගෙන
එයා
බලං හිටියේ
අනුකම්පා
පිරි දෙනෙතින්,
හරි ම වෙලාව
එනකන්
වෙන්ටැති......

"හැමදේම
විකාරයක්,
කාගෙන්වත්
මට වැඩක් නෑ"
ඒත් මං
උරහිසක් බලාපොරොත්තුවෙන්
තාමත් ඉකිබිඳිනව,
එයා දිහා
හොරැහින්
බල බල

"වෙලාවකට මට
බයත්
හිතෙනව,
ඔයා නැත්තං
මං
කොහේ කොහේ
නවතීවි ද"

යටි හිතට
නොඇහෙන්න
උඩු හිත

බර හුස්මක්
හෙලුවා,
රහසේ

හැමදාම
හැමදේටම
එයාට
ලඟින් ඉන්න
බැරි බව කියන්ට
නළියන
දෙතොල්
නොපෙනුනා
නෙමේ....

"හරි,
මං හිතුව,
මං වෙනස් වෙනව"

"හැමදේම ආපහු
හරියාවි,
ඉවසන්න!!"
එයා
මුමුනනව

"කවද්ද?"

නිහඬතාවකි,
කල්පයක් දිග

"ඔව්,
එයා හරි"

හැමදාම කැරකිලා
එකම තැනටම
පුරුදු උරහිසක
නතර වෙනවා

"අපි දෙන්නම
එක්කෙනෙක් වෙන්න ඕන"

"මේ පරස්පරය
විෂම චක්‍රයක
මාව හිර කරලා...."

(සම කෘතඤතාව SJ ට)

Where's Her Shoe? | POETRYWhere stories live. Discover now