"පස්සෙ හිතමු"

61 13 8
                                    



තෘෂ්ණාවේ
ලොතරැයියක්
දිනුම් අදී,
එන්න,
සැවොම මිලට ගන්න,
අද ජයමල්ල
ආශ්වාදයන්ගෙන්
පිරී තිබේ,
හැම,
ලොතරැයි
ගැනීමට
තරඟෙට
පොර කති,
එකකු,
පසුපස සිට
පොර කන්නකුගෙන්
මෙසේ
ඇසුවේ
නිකමට ද නොදනී...

"ඕක
ගත්තෙ නැත්තං
මොකද වෙන්නෙ..
ඕක
අරං
පැරදුනොත්
මොකද වෙන්නෙ.."

".....
මුකුත් නෑ"

ඔහු
මඟ නොරැදී,
පොරකන
ගොඩේ
සැනෙකින්
වාෂ්ප
විය,

"ඔව්,
මුකුත් නෑ.."

ආශ්වාදයත්,
බදු වැදුන
ආදීනවයත්
නැති,
'මුකුත් නැති'
තැන,
ඇත්තටම
හොඳ නැද්ද..

Where's Her Shoe? | POETRYWhere stories live. Discover now