Chapter 1

4K 559 241
                                    

Comment goal 100

රාත්‍රියේ දැල්වෙන විදුලි පහන් ආලෝකයෙන් අලෝකමත් වෙන අදුරු මහා මාර්ගයේ හුලං කපන් වේගයෙන් මෝටර් රථ පේලියක් ඉදිරියට ඇදෙද්දි මෝටර් රථ පේලියට මුහුනලා තවත් මෝටර් රථ පේලියක් වේගයෙන් ඉදිරියට ඇදුනා..

කලුවර රාත්‍රි පාර දෙපැත්තෙ ජීවමාන ප්‍රානියෙක් දකින්න නැති තරම් පාලුවට ගිහිල්ලා..
වේගයෙන් ඉදිරියට ඇදෙන එක මෝටර් රථයක්වත් ඔවුන්ගෙ වාහන වල වේගය අඩු නොකර එකිනෙකාට අභියෝග කරමින් වේගයෙන් මුහුනට මුහුනලා ඉදිරියට ඇදෙනවා..



කාශ්ඨීය පොලවේ ගොදුරු හොයන් ඇවිදින ව්‍යාග්‍රයෙකුට සමාන ලා දුබුරට හුරු කලු  ඇස් දෙක ඔහු ලගට ලග ලගම ලංවෙන මෝටර් රථය දිහා බලන් තව තව වාහනේ වේගය වැඩි කරන්න ඇක්ස්ලේටරය පෑගුවා...

තමන් නිසා ප්‍රතිවිරුද්ධ මෝටර් රථයේ වේගය අඩුකරයි යන බලාපොරොත්තුවෙන් වේගයෙන් ඉදිරියට ඇදුන අනෙක් මෝටර් රථයේ තරුනයාගෙ මුහුනෙ බිය මුසු චලනයන් ඇතිවූයෙ ඔහු බලාපොරොත්තු නොවුන විදියට තව තව වේගයෙන් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඔහු වෙතට ඇදෙන කලු පැහැති මෝටර් රථය නතර කරන්න එහි සිටින තැනැත්තාට උවමනාවක් නැහැ කියලා තේරිලා යද්දි..

තරුනයාගෙ මුහුනේ ඇති වෙන බිය මුසු චලනයන් ඔහු රසවින්දා..සිල්වර් පියර්සින්ග් එකෙන් කැපිලා පෙනෙන රෝස තොල් අග සමච්චල් සහගත හිනාවක් ඇති වුනා..

තව තව ඇක්ස්ලේටරය පාගමින් වේගය වැඩි කරපු ඔහු ,ඔහු වෙත ඇදෙන මෝටර් රථයේ ඉන්න තරුනයා දිහා බලන් ඇහැක් ගැහුවේ මෝටර් රථය පාලනය කරගන්න බැරි තරම් වේගයෙන් ඉදිරියට ඇදුන තරුනය බ්‍රේක් පාගගන්න බැරි තරම් කලබලයට පත් වෙද්දි...


දෙපැත්තෙන් ඉදිරියට ඇදුන ඔවුන්ගෙ අනෙක් මෝටර් රථ මේ වෙද්දි අතරමග තිරිංග පෑගුවත් ඔවුන් දෙදෙනගෙ මෝටර් රථ නතර නොකරම ඉදිරියට ඇදුනේ එකිනෙකාට අභියෝග කරමිනුයි ඒත් අවසානයේ ඔහුට අභියෝග කරපු තරුනයාට අවශ්‍ය වුනත් ඔහුගෙ මෝටර් රථය නවත්වගන්න බැරි තත්වයට පත් වෙලා..


"ෆකින්ග් ස්ටොප් ද කාර් මදර් ෆකර් ."

මරන බයෙන් කෑගහපු තරුනයා පුලුවන් උපරිමයෙන් බ්‍රේක් පෑගුවේ හිස ස්‍ටියරින් වීල් එක අස්සෙ හංගගනිමින්...





Stolen Love Where stories live. Discover now