Chapter 37

1.1K 306 333
                                    

Comment goal 100

අන්දකාරය පැතිරුනු මධ්‍යම රාත්‍රියේ දීප්තිමත් අලෝකයෙන් ප්‍රතාපවත්ව වැජබෙන මාලිගාවක්..මාලිගාව මැදින් පිහිටපු රතු පලසින් සරසපු පඩිපෙලක්..පඩිපෙල දෙපැත්තෙම එක පඩියක් පාසාම සුදු කලු යුනිෆෝම් වලින් සැරසුනු සේවිකාවන් පිරිසක්..පඩිපෙල කෙලවර වෙන ප්‍රදාන ශාලාව පුරාවටම එකතුවුන ඉහල පැලැන්තියෙ ප්‍රභූන්..ප්‍රදාන ශාලාවට විවර වෙන විශාල පිවිසුම් දොරින් පිටත එලිමහන්  ගාර්ඩ්න් එක පුරාවටම එකතු වුන සාමාන්‍ය පවුල් වල ජනතාව..

ඉහල පැලැන්තියෙ පටන් සමාජයෙ  සාමාන්‍ය පවුල් වල ජනතාව දක්වා  ඔවුන් සියල්ලක්ම බලාපොරොත්තුවෙන් ඉන්නෙ එකම එක පුද්ගලයෙක්ගෙ සම්ප්‍රාප්තිය .පඩිපෙල කෙලින් බිත්තියෙ එල්ලලා තියන විශාල බිත්‍ති ඔරලෝසුවෙ පැය කට්ටට කෙලින් විනාඩි කටුව හරියටම වෙලාව පාන්දර 12හ සලකුනු කලා..

ඝන අදුරෙන් වැහිලා තියෙන සම්පුර්ණ අදුරු අහසම පාට පාට ආලෝකයෙන් ආලෝකමත් වෙන්න ගත වුනෙ නිමේශයයි..ප්‍රතාපවත් මාලිගාව වටේටම අහසෙ මල් වෙඩි පත්තු වෙද්දි මාලිගා එලිමහනෙ රැස්ව ඉන්න සාමාන්‍ය ජනතාව සතුටෙන් ප්‍රීති ඝෝශා කලා.. මාලිගාව තුල ශාලාව තුල රැස්ව සිටින ප්‍රභූන් ගෙ ඇස් නොඉවසිලින් පඩිපෙල එකඑල්ලේ තියන වැහුනු විශාල දොර වෙත යොමුවුනා..

රතුපලසින් සරසපු පඩිපෙලට මුහුනලා තියන කාමරයෙ දොර පලු දෙක දෙපැත්තට විවර වුනෙ දොර ලග හිටගෙන ඉන්න පිරිමි සේවකයින් දෙදෙනා හිස නවමින් ඔහුට ආචාර කරද්දි.


මාලිගාවේ ප්‍රදාන ශාලාවට රැස්ව ඉන්න සියල්ලක්ගෙම ඇස් මෝහනයට ලක් වෙලා මෙන් ඔහු වෙතට යොමුවුනා..ඉදිරියට තියන අඩියක් පාසා ඔහුගෙන් පිටතට විහිදෙන්නෙ තේජස පමනක්මයි..

විදුලි කොටනවාක් මෙන් කැමරා එලි දිගින් දිගටම ඔහු වෙතට යොමු වෙද්දි දිගටි තේජාන්විත ඇස් ඔසවපු ඔහු ශාලාව වෙත එකතුවුන පිරිස දිහා බැලුවා.. දිගු රෝස තොල් අග ඇදුන සිනහව ශාලාවෙ එකතුවී ඉන්න සියල්ලක්ගෙම හදවත කලබවන්න තරම් ආකර්ෂණීයයි..

රතුපලසින් සරසපු පඩිපෙල මතින් බැහැගෙන එන ඔහු පඩියක් පාසා සේවිකාවන් පහු කරද්දි ඔවුන් එකිනෙකා පිලිවලින් ඔහුට හිස නවනවා..පඩිපෙලේ අවසන් පඩියත් පහුකරගෙන බැහැගෙන ආව ඔහු වෙතට පිරිස රැස් වෙන්න උත්සහ කලත් ඉදිරියට ඇවිදන් යන ඔහුගෙ ගමන ඉස්සරහට ඇවිල්ලා හිටගන්න ඔවුන් නිර්භීත වුනේ නැහැ..

Stolen Love Where stories live. Discover now